IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


‘රට වෙනුවෙන් උපරිම සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා’

(ඩයනා උදයංගනී)
            
ලැබී ඇති කෙටි කාලය තුළ විශාල යමක් කිරීම අපහසු විය හැකි නමුත් රට වෙනුවෙන් කළ හැකි උපරිම සේවයක් කිරීමට බලාපොරොත්තු වන බව නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.


විශේෂයෙන් ශිෂ්‍ය ගැටලූ විසඳීම, තරුණයන්ගේ විප්ලවකාරී හැඟීම් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ ගැටලූ ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතු බව කී ඇමැතිවරයා සෑම තරුණයකුටම රැකියාවකට අවශ්‍ය උපාධියක් ලබාදීම තම අරමුණ බව ද සඳහන් කළේය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (21) සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.


එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.


‘‘මේ රටේ ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් ගැටලූකාරී තත්ත්වයකට මුහුණ දී සිටි අවධියේ ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම නිසා අපට නැවත මේ තනතුරු ලැබුණත් ඒවා තාවකාලික බව අප සිහියේ තබාගත යුතුයි.

ඉදිරියේ දී අපට මැතිවරණ කීපයකට මුහුණ දීමට සිදු වේවි. ආත්මාර්ථකාමී වුවමනාවන්ට අනුව මැතිවරණය කැඳවීමක් නොකර රට වෙනුවෙන් සිතා මැතිවරණයක් ලබාදීම අප හමුවේ තිබෙන ප‍්‍රධානතම අභියෝගයයි.


මේ රටේ මතු පරම්පරාව මට බාර දී තිබෙනවා. එය විශාල වගකීමක්. සතියකට කීපවරක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් මෙම අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ කරන බව මම දැන ගත්තා. අපි පුළුවන් ආකාරයෙන් ඒවා නිරාකරණය කර දීමට අවශ්‍යයි. 


”අවුරුදු 20 දී කිසියම් තරුණයක් විප්ලවවාදියෙක් වුණේ නැත්නම් ඔහුගේ මොළයේ කිසියම් අඩුවක් තිබෙන බවත් එමෙන්ම අවුරුදු 40 දීත් ඔහු එම අදහස් ඉවත් කර ගත්තේ නැත්නම් එය ද ඔහුගේ මොළයේ අඩුපාඩුවක්” බවටත් ප‍්‍රසිද්ධ කියමනක් තිබෙනවා. අපි මෙය අවබෝධ කරගෙන තිබිය යුතු යි.
 



අදහස් (0)

‘රට වෙනුවෙන් උපරිම සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත



නාවුල ජය ජාජබට
2025 මැයි මස 07 83 0



නිවසේ ආරක්ෂාවකට සිටි පී.සී ජිප් රියකට වෙඩි තබයි
2025 මැයි මස 07 875 0

අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 877 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 220 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1274 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site