IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘‘රටේ අනාගතය පවතින්නේ තරුණ තරුණියන් සහ නවෝත්පාදනය මතයි‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ තරුණ තරුණියන් සහ නවෝත්පාදනය මත යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (22) පැවැසීය.

නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය මගින් ඉදිරියට යන ශ්‍රී ලංකාවේ වත්මන් තරුණ පරපුරට මේ රට වෙනස් කිරීමේ හැකියාව ඇතැයි ද අජිත් පී. පෙරේරා මහතා කීවේය. 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සංවිධානය කරන ලද  #අපේ2030   යොවුන් සංවාදයේ’ සමාප්ති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි. 

එහිදි තවදුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා මහතා මෙසේ ද කීවේය.  

          “මේ රටේ අනාගතය පවතින්නේ නවෝත්පාදනය මතයි. වාසනාවකට අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම දරුවගේම, අපි හැමෝගෙම ඇඟ ඇතුළේ, අපේ ලේවල අපේ ඩී.එන්.ඒ.වල නවෝත්පාදනය තිබෙනවා. අපි රටේ හැමෝගෙම ඇඟ ඇතුළේ පෞරෂත්වය නායකත්වය තිබෙනවා. නවෝත්පාදනය සහ නායකත්වය තිබෙනවා නම් ව්‍යවසායකත්වය නිකංම ලැබෙනවා. ඒක සංයෝගයක්. 

එහෙත් අපිට ව්‍යවසායකත්වය නැහැ. අපේ රට, අපිට ජාතියක් විදියට ව්‍යවසායකත්වය නැහැ. අපිට ව්‍යවසායකත්වය නැතුව නෙමෙයි. අපේ ඇඟවල් ඇතුළේ ව්‍යවසායකත්වය තිබෙනවා. 

එහෙත් අපේ අම්මලා තාත්තලා ඒක අපේ දරුවන්ට කියලා දෙන්නේ නැහැ. ව්‍යාපාරයක් කරලා, හරි හම්බ කරලා සතුටින් හොඳින් ජීවත් වෙන විදිය මවුපියෝ දරුවන්ට කියලා දෙන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලා හැමතිස්සේම උත්සාහ කරන්නේ දරුවන්ව සම්ප්‍රදායනුකූල රැකියාවලට යොමු කරන්නයි. වර්තමානය වනවිට සම්ප්‍රදායනුකූල රැකියාවලට හිමිව ඇත්තේ බොහෝම පොඩි තැනක්.

අද අපේ රටේ අනාගතය රැඳී පවතින්නේ ඔබ මතයි. මේ රටේ අනාගතය ගොඩනගන්න, මේ රට පොහොසත් කරන්න හැකියාව තිබෙන්නේ ඔබ වැනි දරුවන් මතයි. මේ දරුවන්ට අපේ දරු පරම්පරාවට මේ රට වෙනස් කරන්න පුළුවන්. අපට බැරි වෙච්ච දේ අපි උත්සාහ කරන දේ ඔබට කරන්න පුළුවන්. දරුවන්ට ඒ ශක්තිය හා හැකියාව තිබෙනවා. දරුවන්ට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ රට ව්‍යවසාය ක්ෂේත්‍රයෙන් ඉක්මනින් දියුණු වෙනවා.

මගේ පරම්පරාවේ අපේ පරම්පරාවේ ව්‍යාපාර කළේ මුකුත් කරගන්න බැරි වුණ අය. එහෙමත් නැතිනම් පරම්පරාවෙන් ව්‍යාපාර උරුම වූ අය. එහෙමත් නැතිනම් අහම්බෙන්. එහෙත් අද එම තත්ත්වය වෙනස් වෙලා. අද ව්‍යවසායකත්වයට වටිනාකමක් ලැබිලා තියෙනවා. අද තමන්ගේ කියලා ව්‍යාපාරයක් ගොඩනැගීම ආඩම්බරයට කරුණක්. අද රටට ඕන වෙලා තියෙන්නේ එයයි. අද අපි අපේ අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා තවත් ආයතන රැසක් එකතුවෙලා කරන්නේ තමන්ගේ කියලා ව්‍යවසාය ගොඩනගන දරුවන්ට උපකාර කරන එකයි.

රැකියා ඉල්ලන තරුණ තරුණියන් වෙනුවට තමන්ගේ කියලා ව්‍යාපාර ගොඩනගන, ව්‍යාපාර, ව්‍යවසාය තුළින් රටත් ලෝකයත් යන ව්‍යාපාර ගොඩනගන තරුණ පරම්පරාවක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා තරුණ දරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතා වැඩිදියුණු කරන ගමන් අපි ඒ සඳහා තිබෙන අවස්ථා උදා කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍යවරයා කීවේය.

එහිදි අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ජෝන් සොරෙන්සන් මෙසේ කීය.

        “තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම දරිද්‍රතාව හා කුසගින්න අවම කිරීම, සාමය ඇති ගොඩනැගීම, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම ආදී අභියෝග රැසක් ජයගැනීමට අපට අවස්ථාව උදා කර දෙනවා.  තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම බොහෝ ජය ගැනීමට අපට සහයෝගය ලබාදෙනවා.

ප්‍රජාවට අවස්ථාව ලබා දීම සහ ඔවුන්ට සවිබල ගැන්වීම තුළින් සංවර්ධනය අත්පත් කරගත හැකි අතර අපට හමුවේ තිබෙන ගැටලුවලට නවෝත්පාදනය ඔස්සේ විසඳුම් සෙවීමට හැකියාව ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට සාමූහික වැඩසටහනක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් සාමූහික වැඩපිළිවෙලක් ඇති කරමින් සියලු දෙනා එකතු වෙමින් කටයුතු කරමින් ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ මුදල් ආයෝජනය කළ යුතුයි. වඩාත් වැදගත් වන්නේ රජය ඇතුළු සියලු පාර්ශව එක් මේසයකට පැමිණ සාකච්ඡා කර ප්‍රතිපත්ති ගැනීම සහ ඒවා ඉටු කිරීමයි” යැයි ද හෙතෙම කීවේය. 



අදහස් (0)

‘‘රටේ අනාගතය පවතින්නේ තරුණ තරුණියන් සහ නවෝත්පාදනය මතයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site