
(නිමල් ජයරත්න)
පවතින ආර්ථික අහේනිය සහ සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ.ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය.
ආහාර හිඟ වීම නිසා තම ගම්මාන 8ක දරුවන් දාහකට අධික සංඛ්‍යාවක් පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහැර ඇති බවත්, පවතින ආර්ථික තත්වය හමුවේ දරුවන්ට ආහාර සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදීමට නොහැකි තත්ත්වය මත ඇතැම් ආදිවාසී දරුවන් පාසල් නොයන මට්ටමට පත්ව සිටින බවද ලිසීනෝනා මහත්මිය කීවාය.
දිඹුලාගල දලුකාන, පරණ මිල්ලාන, කොළකනවාඩිය, යක්කුරේ, පහල යක්කුරේ, කලුකැලේ, ඇල්ලේවැව, කුඩාවැව, ඇතුළු ආදිවාසි ගම්මාන කිහිපයක දරුවන් එලෙස හාමතේ සිටින අතර මේ සඳහා ජනාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අනෙකුත් වගකීව යුතු ආයතන මැදිහත්ව ඊට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇය ඉල්ලීමක් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දශක හතක ශ්‍රී ලාංකීය නායකයන්ගේ සංවර්ධන ක්‍රියාවලිය. මේ සාර්ථක කතාවයි....
මෙ කාන්තාව කතාකරන්නෙ මිට මාස දෙක තුනකට පෙර රටෙ තිබුන තත්වය ගැනයි. දැන් ආහාර මිල ගනන් ක්‍රමයෙන් පහල බහින තත්වයක් තිබෙන්නෙ.
කටින් බතල කොළ සිටවන කට පණ්ඩිතයන්ට සහ කී බෝඩ් මත පිනුම් ගසන සියල්ල දත්ලාට සුපුරුදු පරිදි "එකත් උබලාම කරපල්ලා" යයි ආණ්ඩුවලටම නොපවරා, අපේම රටේ මේ අහිංසක සහෝදර ජන කොටස්වලට පිහිටක් වීමට මෙන්න හොද අවස්තාවක්.
රජරට පමනක් නෙවෙයි... ආහාර අහේනියෙන් පෙලෙන පවුල් අනන්තවත් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව පුරාම සිටිනවා. මේ රජය ඇතිකළ සෞභාග්‍යය එයයි.
පාලකයින් දන්නේ නැහැයිලු ‘‘රජරට‘‘ තියෙන්නේ කොහේද කියලා...! කමිටුවකුත් පත්කරලලු තියෙන්නේ... ‘‘රජරට‘‘ කොහෙද තියෙන්නේ කියලා හොයන්න...!
කන්න නැතත්, දැන් අපට ඉන්න රටක් තියනවනේ ලිසි නෝනේ..යක්ඛ පුතුන්, දියණියන් ලෙස කුසගින්නත් සමග ලෝකෙට පෙන්වන ආඩම්බරය හරිම ප්‍රෞඩයි.
මෙයා කියන්නෙ බොරු කියලා ප්‍රාදේශීය ලේකම් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජනාධිපතිවරයාට වාර්තා කලා කියලා අහන්න ලැබෙනවා කවුද හරි මැතිවරණය අවසන් වෙලාම බලමු