IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රාජ්‍ය සේවා කොමිසමේ සමාජිකයන් අරලියගහ මන්දිරයට කැඳවීම ගුරු සංගමය හෙලාදකී

(තරිඳු ජයවර්ධන)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභාවක් වන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් අරලියගහ මන්දිරයට කැඳවීම වැරදි පුර්වාදර්ශයක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා පැවැසීය.

රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව බවත් දේශපාලන පළිගැනීම් ආදිය සම්බන්ධයෙන් තීරණය ගන්නේ ඔවුන් බවත් එවැනි පසුබිමක රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවීම මෙන්ම අරලියගහ මන්දිරයට සහභාගි වීමෙන්ද ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් පැන නගින බව ස්ටාලින් මහතා පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මරදාන සී.එස්.ආර්හිදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

අරලියගහ මන්දිරයට සහභාගි වූයේ කුමක් සඳහාදැයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයන් පැහැදිලි කළයුතු ඇතැයිද ස්ටාලින් මහතා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා පත්කිරීමදී පවා රාජ්‍ය සේවා කොමිසමේ යම් ගැටළු සහගත තත්ත්වයන් විවේඡනය කළ බවද ස්ටාලින් මහතා සඳහන් කළේය.



අදහස් (0)

රාජ්‍ය සේවා කොමිසමේ සමාජිකයන් අරලියගහ මන්දිරයට කැඳවීම ගුරු සංගමය හෙලාදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16884 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site