IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රජ්‍ය සේවක වැටුප් එන වසරේ අනිවාර්යෙන් වැඩි කරනවා‘‘

(හේමන්ත ද සිල්වා)

රජ්‍ය සේවක වැටුප් ලබන වසරේදී අනිවාර්යයෙන්ම වැඩි කරන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි.

රජයේ සේවකයන් හරියට රාජකාරී කරනවා නම් රට හැදෙනවා.අපි ප්‍රමෝට් කරන්න එපා. රජය දෙන වැඩ කළාම ඇති. රජයේ සේවකයන්ගේ වැටුප  වසර තුනේ වැඩි කිරීමට කටයුතු කරනවා.අපි අපේක්ෂා කරනවා. ඔබේ රාජකාරිය හරියට කරයි කියා. නිලධාරී කීපදෙනකු ඕන නැති වැඩ කරලා තිබෙනවා. ආණ්ඩුව ප්‍රමෝට් කරන්න ඕනේ නැහැ. රජය දෙන වැඩ කරන්න.

මේ රැස්වීමට අද නොපැමිණි නිලධාරීන් ගැන අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපියවා මටද පිටපතක් දෙන්න යැයිද අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මුලසුන හොබවමින් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (9)

රජ්‍ය සේවක වැටුප් එන වසරේ අනිවාර්යෙන් වැඩි කරනවා‘‘

යෝගා Friday, 30 May 2025 08:07 PM

ඉතා වගකීමෙන් පච කියනු ලැබේ...! අනුර නම් කිව්වේ මාස හයෙන් හයට පඩි වැඩි කරනවා කියලයි.

:       3       14

Hemantha Saturday, 31 May 2025 01:29 AM

අම්මෝ... පරම සත්‍යය කතා කරන තව එක්කෙනෙක්... මූණ දැක්කත් ඇති...

:       2       7

Bunny Preena Saturday, 31 May 2025 08:58 AM

අනිවාර්ය නොවුණාට ජීවන දර්ශකය බලලා, ඒ අනුව වැඩි කරන්න. එහෙම නැතිනම් බඩුමිල පහත හෙලන්න. මිනිස්සු පඩි වැඩි කරලා ඉල්ලන්නෙ.... ලැබෙන වැටුපෙන් ජීවිතයේ අවම පහසුකම් සහිතව සාමාන්‍ය තත්වයෙන් වත් පවත්වාගෙන යන්න අමාරු නිසයි.

:       0       2

SL Saturday, 31 May 2025 08:59 AM

වැටුප් වැඩි කරනවා කියන්න කලින් ඒවා හොයාගන්න හැටි කියමු බලන්න බදු, විදුලි බිල, ඕවර් හෙඩ් වැඩි නිසා රැකියා ලබාදෙන කොම්පැණි ගැලවෙනවා. අලුතින් එන්නේ නැහැ. වැටුණු ඒවා අරගන්න බැරුව ඉන්නවා. ගිහින් බලන්න රට වටේ මෙයා පොර ටෝක්ස් දෙනවා...

:       1       7

Sudda Saturday, 31 May 2025 10:06 AM

1. රාජ්‍ය සේවයේ විතරක් පඩි වැඩි කරාම රටේ අනික් අයගේත් ආර්ථික ප්‍රශ්න විසඳෙනවාද​? රජය බලයට ආපු ගමන්මත් වැඩි කරා. ආයි වැඩි කර්න්න යනවා. මොන සාධාරන හේතු උඩද නැත්නම් වෘත්තිය සමිති සගයින් බලපෑම් කරනවාද රට වැටුනත් කමක් නෑ අපේ පොරොන්දු ඉටු කරන්න කියලා. 2. ඔය වැඩි කිරීමට දැන් කොහෙන් ද සල්ලි හොයන්නේ? 3. රාජ්‍ය සේවය හොර ගුහාවක් කියලා ලාල් කාන්ත සහෝදරයා කියලා වැඩි දවසක් නෑ. එතකොට හොරුන්ට තවතවත් වැඩියෙන් ගෙවන්නේ මොකද​? ලාල් කාන්ත කිව්වේ බොරුද? නැත්නම් හොරු වුණත් අපිව බලයට ගේන්න වර්ජන කරා ඡන්දය දුන්නා ඒ නිසා අපි හොරු කතා ඇහුනේ නෑ වගේ ඉම්මු කියලාද දැන් වෙන්න යන්නේ. එහෙනම් සිස්ටම් චේන්ජ් ඉවරයිද​?

:       0       6

Giyan Saturday, 31 May 2025 11:16 AM

මුහුණෙන්ම පේනවා ඇත්ත කියන්නේ කියලා...

:       0       7

Tasika Saturday, 31 May 2025 12:27 PM

ඒ මොකටද එයාට පිටපතක් දෙන්නේ? රාජ්‍ය සේවකයෝ කියන්නේ දේශපාලකයොන්ගේ සේවකයෝ නොවෙයි හරිද හේවගේ...? ඒවා වෙනස් කරන්න නේද ඔහෙලා ආවේ...?

:       0       14

Wimalasena Sunday, 01 June 2025 04:46 AM

ප්‍රාදේශීය සංවර්ධන කමිටු කියන්නේ එම ප්‍රදේශයේ තියෙන සංවර්ධන කටයුතු හා ගැටලු සංවර්ධනය සඳහා සාකච්ඡා කරන රැස්වීමක් මිස නිලධාරින්ට පොරොන්දු දෙන ස්ථානයක් නොවෙයි. ඒ රැස්වීමකට නිලධාරි එන්නේ නැත්නම් ඔවුන් පෙර රජයවල් තියෙද්දී වර්ජන මෙහෙයවා සංවර්ධන කටයුතු අඩාල කළා වගේ සංවර්ධන කටයුතු අඩාල කිරීමක් කියන්න පුළුවන්... මෙහෙම බාධා කරන්නන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට නීතී සැකසීමට වත්මන් ආණ්ඩුවට හැකියාව තියෙනවා...

:       0       1

de silva Sunday, 01 June 2025 05:00 PM

ඉස්සර පච වැපිරුවේ පරණ රතු සහ කළු කොටු ඇති කමිසේ ඇඳගෙන, දැන් පච කියන්නේ ටඊ කොර්ට් දමාගෙන, අර ලක්ෂ 12 විට්ස් එක දෙනවා කිව්වේ මෙයා නේද? රජයේ සේවකයාගේ වැටුප් වැඩි කරන්න මුදල් සොයාගන්න වැඩි කරන්නේ මොන බද්දද? එහෙම නැතිනම් පච බද්ද වැනි අලුත් බද්දක් හඳුන්වා දෙනවාද? එහෙම නැතිනම් පැලවත්තේ එකවුන්ට් එකෙන්ද? උගන්ඩාවේ සල්ලි ගෙනත්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site