IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රජයේ ඉදිකිරීම්වලට මුදල් නොලැබීමෙන් කොන්ත‍්‍රාත්කරුවන් අසීරුතාවක

(නිමල කොඩිතුවක්කු)
 
රජයේ ඉදිකිරීම් වෙනුවෙන් ලැබිය යුතු රුපියල් කෝටි 700 කට අධික මුදලක් නොලැබීමෙන් කුඩා හා මධ්‍යම පරිමාණයේ  කොන්ත‍්‍රාත්කරු දහසකට වැඩි පිරිසක් දැඩි අසීරු තත්වයකට පත්ව සිටිති.
 
අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජලසම්පාදන හා ජල පවාහන මණ්ඩලය ආදී ආයතන වල සිදුකළ ඉදිකිරීම් සඳහා එම මුදල් ගෙවිය යුතු බව ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති අතුල ප‍්‍රියන්ත ගලගොඩ මහතා  ලංකාදීපයට  පැවැසීය.
 
රජය එම මුදල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවටත් පෙන්වා දුන් ගලගොඩ මහතා මහාපරිමාන කොන්ත‍්‍රාත්කරුවන්ට සහ සමාගම් වලට පවා මුදල් ගෙවීම් ප‍්‍රමාද වී ඇති බවද පෙන්වා දුන්නේය.
 
මේ අර්බුදය නිසා සැපයුම්කරුවන්, සේවකයන් ඇතුළු විශාල පිරිසකටද රැකියා අහිමි වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
 
ඇතැම් කොන්ත‍්‍රාත්කරුවන්ගේ නිවාස ඉඩකඩම් පවා මේ වනවිට මූල්‍ය ආයතන වලට සින්න වී ඇති බවත් රජය මැදිහත්ව මෙම තත්ත්වය වහාම නිරවුල් කළ යුතු බවත් ඔහු කීය.



අදහස් (0)

රජයේ ඉදිකිරීම්වලට මුදල් නොලැබීමෙන් කොන්ත‍්‍රාත්කරුවන් අසීරුතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16885 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site