(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ගංගාරාම විහාරස්ථ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව අද (13) දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජිත සේනාරත්න මහත්වරුන් අතර " රාජිතගේ තීරණය" සම්මුතියට ද මෙහිදී අත්සන් කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ රාජිත සේනාරත්න මහතා ද තමා මෙන්ම රැඩිකල් තීරණ ගැනීමට ඉදිරිපත් වන හෙයින් තමා සමග එක්වීමට තීරණය කළ බවයි.
ජනතා බලාපොරොත්තු අනුව ඉදිරියට යනවා නම් රටේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුව ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා පැවසූයේ රනිල්ට තව වසර පහක් දුන්නොත් ලංකාව ලෝකයේ නූතන දේශයක් බවට පත්වන බවට කිසිම සැකයක් නැති බවයි.
ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහාය දෙන බව කී රාජිත සේනාරත්න මහතා සැප්තැම්බර් 22 වැනිදා වන විට රටේ නියත ජනපති වන්නේ රනිල් බවට කිසිම සැකයක් නැතැයි කීය.
මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගමික පූජකතුමන්ද,කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර,එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන,එජාප ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානී සාගල රත්නායක, එජාප ජාතික ලේකම් රවී කරුණානායක මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූපය:-
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත්වරුන් ගංගාරාම සීමා මාලකයේදී සම්මුතිය අත්සන් කළ අවස්ථාව.
ඡායාරූපය:-ළහිරු හර්ෂණ
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්
මෙවර පළාත් පාලන මැතිවරණයට පානදුර නගර සභාවට තරඟ කරන අපේක්ෂකයෙකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කිය
මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපිට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක්
අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොල
අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන කතරගම ප්‍රදේශීය සභා මුරකරුවකු අත්අඩංගුවට ගත්බව කතරගම ප
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්ප
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රාජිත රනිල් දිනවන සම්මුතියකට අත්සන් කරයි
sukitha Tuesday, 13 August 2024 06:01 PM
තරහ නොගිහින් හිනා ගිය අය ලයික් කරන්න.
Rata Perata Tuesday, 13 August 2024 06:27 PM
නොදකින් මෙහෙමත් මිනිස්සු..!
යෝගා Tuesday, 13 August 2024 06:30 PM
දැන් රාජිතටයි, රෝහිතටයි කරට අතදාගෙන කලුතර කැම්පේන් එක කරන්න පුළුවන්. බලන් ඉන්න අයටයි ලැජ්ජ...
Remal Tuesday, 13 August 2024 06:37 PM
මාර ෂෝ එක...!
fairoos Tuesday, 13 August 2024 06:41 PM
හැමෝටම අබ සරණයි...!
Dharmatileke Tuesday, 13 August 2024 06:44 PM
එකට ගෙදර යමු.., කලාතුරකින් රනිල්ට තිබුණේ ඡන්දෙ සේරම සජිත්ට...!
NWS KUMARA Tuesday, 13 August 2024 06:45 PM
එයාලා දිනලා කියලා හිතුවට අපිනේ එයාලාව පරද්දන්නේ...!
රෙක්ස් Tuesday, 13 August 2024 07:53 PM
මෙදා පාරත් කිඹුලා වන්නම සහ වඩිගපටුන නටවයිද දන්නේ නැහැ!
අරවින්ද මොනරවිල Tuesday, 13 August 2024 07:57 PM
එක මල්ලේ ලුණු කෑ එවුන් එකට එකතු වෙන්නේ නැතුව වෙන මොනවා කරන්නද ?
පොඩිඑකා Tuesday, 13 August 2024 09:18 PM
රැඩිකල් තීරණ කියන්නේ බැන්කු කඩන වගේ ඒවාද?
Rohana Tuesday, 13 August 2024 11:12 PM
රාජිත දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම වුවමනාවෙන් කැඳවා ගත්බව පෙනේ...!
Sanjaya Tuesday, 13 August 2024 11:17 PM
රැඩිකල් තීරණ බලාගන්න පුලුවන් 22ට පස්සේ, මන්ත්‍රීලා හිතන් ඉන්නේ පනින පනින අතට ජනතාව ඡන්දෙ දේවි කියලා..!
චතුරි Wednesday, 14 August 2024 02:37 AM
මොවුන්ට ගිය රට. රනිල්ට තව අවුරුදු පහක් දෙන්න. ගෙවල් දොරවල් සේරම හිර ගෙවල් කරලා රටේ සෙනඟ. කුඩුවල ඉඳියි. කොයිතරම් අමාරුවකින්ද? මේ ජනාධිපතිවරණය පවත් වන්නේ... නාකින් ටික ගැට කීයක් ගැහුවාද? මෙවර ඡන්දෙන්. අවුරුදු 70 ක් කාපුවා වමාරන්න වෙයි. ඒ බයට රනිල්ව රජ කරවනවා. නාමල් බේබිත් බොරු රඟපෑමක් කරන්නේ. ඡන්ද ටිකක් එකතු කරන් ගිවිසුමකට එයි. ඉහළ තනතුරක් ගන්න අනුර කුමාරව ගේන්නේ රටට ආදරේ කරන දරුවන් ගැන හිතන බුද්ධිමත් ජනතාව. සරම් ගලවලා. කොටකලිසම් මහගන්න ප්‍රතිඵල කියනකොට. කීදෙනෙක්ගේ මොලේ විකුර්ති වෙයිද දන්නේ නැහැ බයට. රනිල්ට හිර ගෙදර ලොකු තනතුරක් ලැබෙයි...!
anuradhaThursday, 15 August 2024 01:06 PM
ඔයාට අනික් ඔක්කොම නරකයි, එක්කෙනෙක් හොදයි. සිහින ලෝකෙ ඉන්න එපා කයිය ගෑහුවට ඕකුන් ඔක්කොම එකයි.......
Saman Wednesday, 14 August 2024 06:20 AM
රනිල් ඊලඟ පාර රට කනවා මේ වගේ මිනිස්සු එක්ක.
Kazi Shajahan Wednesday, 14 August 2024 07:33 AM
පොහොට්ටුවෙන් 90 ආවත් කිසිම ඇග්රිමන්ට් එකක් නැහැ ,සිරිපාල ,අමරවීර ආවා .මොනවත් නැහැ .ඒත් බලන්නකෝ රාජිත එනකොට මල්මාලා දාලා ,පිරිත් කියලා ,ලොකුවට ගත්තා .අනික් එවුන්ට වස ලැජ්ජාව
Dilshan Wednesday, 14 August 2024 08:14 AM
මට හිනා වෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. රංගේ බණ්ඩාර අතුරුදහන් වෙලා. සියලු කොල්ලකරුවන් එහි වාඩි වී සිටිති.
පිනා Wednesday, 14 August 2024 09:40 AM
රනිල් ට මෙච්චර දවසක් පච කිඹුලාගේ අඩුපාඩුව තමයි තිබුනේ , දැන් වජිරට පොඩි නිවාඩුවක් ගන්න පුළුවන්
anton Wednesday, 14 August 2024 01:06 PM
කවුරු කෙසේ කීවත් රාජිත වැඩ්ඩා. කිසිවක් හොයා බලන්නේ නැති අය තමයි ඔය පිස්සු කියවන්නේ.., 69 ලක්ෂයේ අය... රට බංකොළොත් කරපු අය.
Raman Wednesday, 14 August 2024 04:17 PM
@anton. ඔව් ඔව් රාජිත වැඩ්ඩා තමයි. ධීවර ඇමැති කාලේ නැවු පිටින් ගිල්ලේ. ඒ මදිවාට ලංකාවේ බෙහෙත් මිල අඩු කරන්න ක්‍රමයක් හැදුවා කියන්නේ ඔක්කෝම හොඳ වර්ග ගේන එක නවත්වලා කරන ඉන්දියාවෙන් ලාබ බෙහෙත් ගෙන්වන්න වැඩේ කළා... මිනිස්සු රැවටුනා ලාබය නිසා නමුත් ගුණය? ඒ වගේම ඒ ලාබ බෙහෙතෙන් ලැබුණු සන්තෝෂම්. ඔක්කෝමත් හරි ලොකුම වැඩේ තමයි 1990 ගණන්වල අපේ හමුදාවට කල් ඉකුත්වූ බෙහෙත් විකුණුව හැටි හොරට කොන්ත්‍රාත් අරන්. අර විජේදාස රාජපක්ෂ නඩු දාලා අන්තිමට වැඩ්ඩාගේ මන්ත්‍රී තනතුරත් උසාවියෙන් තහනම් කරා. කොහොම හරි හිරගෙදර බත් කෑවේ නෑ. ඉතින් වැද්දෙක්ම තමයි. ගිය පාර ඡන්දෙ සමගි ජන බලවේගයේ තුන් වෙනියට ඉඳලා හිටපු ගමන් පළවෙනියා වුණේ කොහොමද කියලා අහන්න ඕන කුමාර වෙල්ගමගෙන්...