( තිළිණි ද සිල්වා)
සතීශන් රත්නායකගේ ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය ප්‍රති නිර්මාණය කිරීම නිසා නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ගේ යූටියුබ් චැනලය තවත් වාර්තාවක් තැබීමට සමත් වී ඇත.
ඒ මෙරට පෞද්ගලික විනෝදාත්මක යූටියුබ් චැනලයක් සතු වැඩිම ග්‍රාහකයන් පිරිස ලබාගැනීමට යොහානි ගේ යූටියුබ් චැනලය සමත් වී ඇත.මේ වනවිට යොහානිගේ යූටියුබ් චැනලය නරඹන සමස්ත ප්‍රේක්ෂකයින් ගණන මිලියන 2.25ක් ෙලසින් වාර්තා වේ.
මින් පෙර මෙම කාණ්ඩයේ වැඩිම ග්‍රාහකයන් ගණන සිටි පෞද්ගලික විනෝදාත්මක යූටියුබ් චැනලයක් අපේ අම්මා යූටියුබ් චැනලයයි. එයට මිලියන 2.24ක ග්‍රාහකයින් සිටිති.

COMMENTS
අපේ අම්මා යූ ටියුබ් චැනලය නම් ගොඩක් ප්‍රයෝජනවත් එකක්, විශේෂයෙන්ම පිටරටවල් වල වාසය කරන ලාංකිකයන්ට සහ තරුණ තරුණියන්ට.
අපේ අම්මා යූටියුබ් චැනලය හා සමානවම යොහානිගේ චැනලයත් වැදගත්. ශ්‍රී ලාංකේය නම දිනෙන් දින අපවාද පරිභවයන්ට ලක්ව ඇති මෙවන් යුගයක, ඉඩෝරයට වර්ෂාවක් සේ මෙම කුඩා දිවයිනේ නම හොඳ තැනකට ගෙන එන්නට ඇයගේ චැනලය යම් පමණකට හෝ පිටුවහලක් වනවා ඇත යන්න මගේ නම් අදහස. ජයෙන් ජයම වේවා!
ජනතාවගේ මන්දබුද්දික මානසිකත්වය පෙන්නපු තවත් උදාහරණයක් මේක.
යොහානිගේ විශේෂත්වය ඇගේ කටහඬ පමණක් නොවේ. සෑම ආරයකින්ම හා වෙනත් භාෂා වලිනුත් ගීත ගැයීමට ඇගේ ඇති දක්ෂතාවය සහ ධෛර්යය සම්පන්න බවයි. සුභපැතුම් !
යොහානිට හදවතින්ම සුබපතමි. අප රටේ සිටින තරැණ පරපුර සතු සහඡ දක්ෂතා හොදින්ම හඳුනා ගෙන ඔවුන්ට නිසි තැන දීමෙන් අපේ රට වේගයෙන් ඉදිරියට ගෙනයා හැකි බව මගේ දැඩි විශ්වාශයයි.
ඔව් අපේ අම්මා චැනල් එක දිවටත් බඩටත් ගොඩක් වටිනවා. යෝහානිගේ චැනල් එක කනටත් සිතටත් වින්දනයක් දෙනවා. අනෙකුත් මිනිසුන් වෙනුවෙන් මොනයන්ම හරි සේවයක් කරනවානම් එය උතුම්.
අපිට ඔබ ගැන ආඩම්බර වේ !
ඉතින් අපට පාන්ද ?
දැන් ඉතින් නංගිලා මල්ලිලා ඉගෙනීම පැත්තකට දාල යූටියුබ් පස්සෙ දුවනවා එහෙම නෙමේ.
මහත් සතුටක් !!! කරුණාකර අප වෙනුවෙන් තවත් සංගීත ආකෘති ඉදිරිපත් කරන්න !!!!
මිනිසුන් ට අවශ්‍ය මොනවද කියලා හිතාගන්න පුලුවන් නේද ?
ඇයි අර දෙරණ කියන එක මකලා තියෙන්නේ ?වෙනත් මාධ්‍ය ආයතනයක් ඉස්සරහට යනවට තියන තරහ කුහක කම නේද
දියණියනි,ඔබට ඉතා සුභ අනාගතයක්.සමාජයට අහිතකර නොවන තොා්රාගත් සිංදු පමණක් ගායනා කරන්න.
මට නම් මේ සින්දුව මෙලෝ රහක් නෑ
හුරේ .අපේ අම්මා පරදවලා .එතකොට යෝහානි ලේලිද ?
මේ වේලාවේ විදේශ විනිමය එන එක ලොකු දෙයක්
යොහානි ගැන අපි ඇත්තටම ආඩම්බර වෙනවා
කුමණ අංශයකින් හෝ දස්කම් දක්වන මෙවන් දරුවන් ගැන සතුටු නොවී කුහකත්වයෙන් අදහස් දක්වන්නේ මන්ධ බුද්ධිකයින්ය.
2.25 මිලියන්ද 225 මිලියන්ද ඇත්තටම
අගය කරමි. තව දුරටත් දෛර්ය දිය යුතුය. තවත් දරුවන් දිරිමත් කල යුතුයි.
යොහානිගේ උත්සාහය අගය කල යුතු එකක්. සුභ පැතුම්!
හර්ෂ සහ හිරා අයිතිවෙන්නේ කිනම් මානව වර්ගයකටද කියා සිතා ගන්නවත් බැහැ .මන්ද බුද්ධික අයත් ගීත වලට දක්වන්නේ ඉමහත් ලැදි කමක් .මොවුන් පෙළෙන්නේ අධික ඉරිසියාවකින් බව වැටහේ .මෙය නම් නියං කුහකත්වයයි
යූ ටියුබ් චැනලයයි සින්දුවයි අටහ්රේ වෙනස නොදැන මෙතන කමෙන්ට් දාන්නේ ,සින්දුව මිලියන 100 වඩා ඇහුවට එයාගේ යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ මිලියන 2.5 ,ඒකයි මේ කතාව .අනේ අනේ අපේ අයගේ දැනුමක මහත
යොහානි ළමයා තමන්ගෙම සිංදුවක් ගයලා ජාත්‍යන්තරයට ගියානම් තමයි වඩා හොඳ. ඒ ගීතය ගෑනු ළමයෙක් ගයන කොට ගැලපිල්ලක් නැහැ. හැබැයි ටියුන් එකනම් හිතේ රැඳෙනවා. ඒ නිසා වෙන්න ඇති වචන වල තේරුම නොදන්නා විදේශීය අය අතර මෙච්චර ජනප්‍රිය වුනේ.