
(විමුක්ති එස් රුද්‍රිගු)
යුරෝපයේ ධනවත්ම පුද්ගලයා වන බර්නාර්ඩ් ආර්නොල්ට් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ට එරෙහිව නඩුවක් ගොනු කර ඇතැයි " ද ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත වාර්තා කළේය.
ආර්නොල්ට්ට අයත් ලේ පැරීසියන් සහ ලෙස් එකෝ පුවත්පත්වල අන්තර්ගතයන් ඊලෝන් මස්ක්ට අයත් එක්ස් සමාජ මාධ්‍ය ජාලය තුළ මුදල් ගෙවීමකින් තොරව භාවිත කර ඇතැයි චෝදනා කරමින් බර්නාර්ඩ් ආර්නොල්ට් ඊලෝන් මස්ක්ගේ එක්ස් සමාජ මාධ්‍ය ජාලයට එරෙහිව නඩු පැවැරුවේය.
පුවත්පතක හෝ සඟරාවක ඇතුළත් වන අන්තර්ගතයක් ඩිජිටල් මාධ්‍යයේ භාවිත කරන විට ඒ සඳහා ගෙවීමක් කළ යුතු බවට 2019 වසරේ නිකුත් කර ඇති යුරෝපා මාර්ගෝපදේශයන් එක්ස් සමාජ මාධ්‍ය උල්ලංඝනය කර ඇතැයි එම චෝදනාවේ සඳහන් වේ.
බර්නාර්ඩ් ආර්නොල්ට් යුරෝපයේ ධනවත්ම පුද්ගලයා වන අතර ඔහුගේ දළ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 164 කි. ඊලෝන් මස්ක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන අතර ඔහු දළ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 319 කි.
මේ සමග අධිකරණය තුළ ලොව ධනවත්ම පුද්ගලයන් දෙදෙනකුගේ සටනක් ඉදිරියේදී ලෝකයට බලාගැනීමට හැකියාව ලැබුණු ඇත.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යුරෝපයේ ධනවතා ලෝක ධනවතාට නඩු දමයි