(ඩයනා උදයංගනී)
යුද හමුදාව විසින් කොළඹ නගරයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
සන්නද්ධ රථ පවා යොදාගෙන යුද හමුදාව විසින් මේ වන විට කොළඹ නගරයේ මුර සංචාර ආරම්භ කර තිබේ.
විශේෂ බලකා යතුරු පැදි ඛණ්ඩය ද කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇතැයි එම බලකා ආරංචි මාර්ග පවසයි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
(ඡායාරූප: ශාන්ත රත්නායක)
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යුද හමුදාවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
siri Wednesday, 11 May 2022 03:57 PM
හමුදා පාලනයක් යටතට පත්වුණු රටවල්වල තමයි මේ වගේ පෙරහුරු දකින්න ලැබුණේ... අන්තිම තුරුම්පුවද මේ...?
pakeer Wednesday, 11 May 2022 04:08 PM
ඕක කරන්න තිබුණේ 9 වැනිදා ඉඳලනේ... දැන්වත් යන්තම් තේරුණා ඇති මේ මෝඩයින්ට. ආරක්ෂක ඇමැතිකම දෙන්න ළමයෙකුට.
Nissanka Wednesday, 11 May 2022 04:27 PM
හමුදා පලනයක පෙරනිමිතිද?
කඳුළු වෙසක් Wednesday, 11 May 2022 04:28 PM
සති දෙකකට කලින් ඕක කලානම් අද රට ඔය ප්‍රපාතයට වැටෙන්නේ නැත..! මොකද අපේ රටේ කුලප්පුවෙලා පෙලපාලි යන අයම පොලීසිය හෑල්ලු කලා ... නියෝජ්‍ය පොලිස්පතිට එලවා එලවා ගහන හැටි බොහෝ රටවල් දැකලා කිව්වා අනේ මෙහෙම රටක් කියලා..! සංචාරකයෝ එන්න බයවුනා මෙහෙම කියමින් 'එයාට එහෙම ගැහුවනම් අපිට මොනවා නොකරයිද'? වෙසක් මාසය වෙලත් අද දන්සැලක් තොරණක් නැති බෞද්ධ රටක් තත්වයටම සිංහලයාම පත්කරගත්තා ..! හැබැයි හමුදා ඇඳුම ඇඳගත් නිළධාරි දැක්කහම කවුරුත් බයයි... ඒ අයගේ කටවල් ඉබේම ගොලුවත රැකලා හමුදා ඇඳුම ඇඳගත් නිළධාරින්ගේ කීමට අවනත වෙනවා..! හේතුව යුධ සමය ඒ අයගේ මතකයට එනවා " රණවිරුවා " ලෙසින්ම...! මොකද නීතිය අකුරටම කරන අප් රටේ " මහ පොලවේ බල හමුදාව "..!
මැක්ස් Wednesday, 11 May 2022 04:35 PM
ගෝල් ෆේස් සිද්ධිය දඩමීමා කරගෙන නීතිය තමන් අතට ගනිමින් රට ගිනි තබන අඳ බාල අරගලකරැවන් මෙල්ල කළ යුතුමය.
sugath Wednesday, 11 May 2022 04:59 PM
හමුදා පාලනයේ මුල් පියවර.
දාස Wednesday, 11 May 2022 05:37 PM
මේ අපට රටට ආදරේට කරන වැඩ නෙවෙයි මෙි පාලකයා අාරක්ෂාවෙන්න කරන වැඩ෴
සුනිල් Wednesday, 11 May 2022 05:57 PM
දැන්වත් ඔය ජෙප්පන්ටයි, පෙරෙට්ටන්ටයි පාඩමක් උගන්නමුද?
siriWednesday, 11 May 2022 06:33 PM
ඒකට කමක් නැහැ. ඒ වුණාට මතක තියාගන්න අර නිර්පාක්ෂික සාමකාමී අරගලකරුවන්ට පාඩමක් උගන්වන්න ගිය සමහරු ආගිය අතක් නැහැ. සමහරු රෙදි පිටින් බේරේ වැවේ ජල ක්‍රීඩා කළා. සමහරු ඇඳි වස්ත්‍රයවත් නැතුව පාරදිගේ වැනි වැනී දිව්වා. සමහරුන්ගේ ගෙවල් දොරවල් ගිනිදෙවියෝ බිලි ගත්තා. සමහරු පණකෙන්ද බේරාගෙන යන්න පුළුවන් තැනක් හොයාගන්න කල් ආරක්ෂාව පතා පවුල් පිටින් හමුදා කඳවුරුවලට රිංගුවා. මේක අමුතු ජාතියේ පරම්පරාවක අරගලයක් සුනිල් මහත්තයෝ... අරක්කු පොවලා කනමදයින් රංචු ගණන් ගෙන්වලා හරි, හමුදා බර වාහන පාරදිගේ එළවලා හරි, මීගමුවේ උත්සාහ කළා වගේ ජාති භේදය අවුස්සලා හරි නවත්වන්න පුළුවන් දෙයක් නෙවේ. තේරුම් ගන්න...
Gandheera Rathnayake Wednesday, 11 May 2022 06:07 PM
" හොදට තිබ්බ රටක් , අපි වැටිච්ච් තැනක් "
Ravi Friday, 13 May 2022 08:20 AM
ලෙඩේ බෝවෙලාද කොහෙද? අවිගත් සිවිල් මිනිස්සු හිටියේ නෑ කොළඹ, සන්නද්ධ රථ දාන්න LTTE එක හිටියද? ඔය BTR එකක් ස්ටාට් කරන්න තෙල් ලීටර් පහකට වැඩිය යනවා. අපිට වාහනයට ගහන්න තෙල් නෑ. ඔය සෙබලු ටික ට්‍රක්වලින් ගියානං කොච්චර තෙල් ඉතිරි වෙනවාද? ට්‍රේල් බයික් කීයක් යනවාද? බොරු වැඩ කරන්න එපා... කොටි හිටියේ නෑ කොළඹ , ආමි එකේ අයට නම් හරිආතල්... සෑහෙන කාලෙකින් සිවිල් මිනිස්සුන්ට ෂෝ පාරක් දාලා පොෂ් වෙන්න මරු... මේ වෙලාවේ ඕක තමයි අඩු...