
(ඩයනා උදයංගනී)
යාල වනෝද්‍යානයේ විසේකාර චණ්ඩියා ලෙස හැඳින්වුණු ගැමුණු නැමති හස්තියාට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ.
එම හස්තියාගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී ඇති අතර, බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් හස්තියාට තුවාල වන්නට ඇතැයි සැක කෙරේ.
මේ වන විට හස්තියාට ප්‍රතිකාර කිරීම වනජීවී නිලධාරීන් විසින් ආරම්භ කර ඇත.
දළ ඇතෙකු වූ ගැමුණු යාල වනෝද්‍යානයේම සැන්ඩෝ නම් හස්තියා සමඟ ඇතිවූ දරුණු සටනකින් පසු දකුණු දළයත්, නැවත නන්දිමිත්‍ර ඇතා සමග ඇතිවූ සටනකදී වම් දළයත් අහිමි විය.
එම සටන්වලදී ඇතුගේ දන්ත මූලයට හානී වී නොමැති බැවින් නැවත දළ වැවෙමින් පවතින බව වනජීවී නිලධාරීන් පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී එකේ වැඩකටයුතු වහාම හමුදාවට බාර දෙන්න.
අනේ එයාව බේරා ගන්න කොහොම හරි. එයා හරිම ලස්සනයි.
වනෝද්‍යානයක් තුල වෙඩි වදින්නේ කොහොමද?
වනෝද්‍යානයේ තුවක්කු බඳින්නේ කවුද?
ඔය චණ්ඩි පාට් කදාන කොයි කාටත් අන්තිමට වෙන්නේ ඔය ටික තමයි.
එතකොට අහිමි වුන දල දෙක දැන් කොහෙද.? හම්බන්තොට හින්ද අරහෙට ගියාද?