(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)

යාල ජාතික උද්‍යානයේ කටගමුව වැව ආසන්නයේදී වනජීවී නිලධාරීන්ට වෙඩි තැබූ කිසියම් පිරිසක් මෝටර් රථයකින් පලා ගොස් ඇති බව කටගමුව අඩවි ආරක්ෂක නිලධාරී කේ. සුජීව නිශාන්ත මහතා සඳහන් කළේය.

වන ජීවීන් නිලධාරීන්ට වෙඩි තබා පලා යන පිරිස සොයා නිශාන්ත මහතා එම ප්‍රදේශයට ගොස් ඇති අතර ඒ මහතාගේ ඉදිරියට පැමිණි රතු පැහැති නවීන මෝටර් රථය ක්ෂණයෙන් හරවා වේගෙන් පලා ගිය බව නිශාන්ත මහතා සඳහන් කළේය.

යාල වනෝද්‍යානය තුළකිලෝමීටර් දහයක් පමණක්ම කැලෑ බද ප්‍රදේශයක් වන හීන් වැව ප්‍රදේශයේ කිසියම් පිරිසක් සැරිසරන බවට ලද තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් පිරිසක් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

එහිදී රතු පාට මෝටර් රථයක් නතර කර කිසියම් පිරිසක් කැලෑව තුළ සැරිසරණ ආකාරය වනජීවී නිලධාරීන්ට නිරීක්ෂණය වූ අතර වනජීවී නිලධාරීන් ඔවුන් අසලට කිට්ටුවන අවස්ථාවේ ගිනි අවි රැගත් එම පිරිස වනජීවි නිලධාරීන් දෙසට වෙඩි තබා පසුව ඔවුන් පැමිණි රතුපාට මෝටර් රථයට නැගී විදුලි වේගයෙන් පලා ගිය බව වැටලීමට ගිය නිලධාරීහු පැවැසූහ.

පළා යන සැකකරුවන්  බැඹව බීට්ටු කාර්යාලය අසල මාර්ග බාධකයේ දී නතර කිරීමට උත්සහ කළත්  යකඩ මාර්ග බාධකය මෝටර් රථයෙන් හප්පා කඩා බිඳ දමා විදුලි වේගයෙන් පලා ගිය  බව වන ජිවිය කියයි.  ්‍