IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


යෞවන සමාජ දේශපාලනීකරණයට ඇද දාලා

(අංජුල මහික වීරරත්න)

යෞවන සමාජ පද්ධතිය අද වන විට දේශපාලනීකරණය වී ජවිපෙ හිතවාදීන්ගේ වුවමනාවට ක්‍රියාත්මක වෙන තැනක් බවට පත්ව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 දශක ගණනාවක් පුරා මෙරට තාරුණ්‍යට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ දේශපාලන භේදයෙන් තොරව තරුණ හඬ තරුණ ජවය සහ තරුණ ශක්තිය ක්‍රියාත්මක කරන්න තිබූ යෞවන සමාජ පද්ධතිය සහමුලින්ම දේශපාලනීකරණය කර ඇති බව කී විපක්ෂ නායකවරයා වත්මන් රජයත් යෞවන කටයුතු අමාත්‍යවරයා සහ තරුණ සේවා සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් එම කටයුත්ත කරමින් සිටින බව පැවැසීය.

මීට පෙර ග්‍රාම නිලධාරීවරයා සහ තරුණ සේවා සභාවේ නිලධාරීන් විසින් මුළු ගමම නගරයම දැනුවත් කර පිහිටවූ යෞවන සමාජ අද පිහිටුවන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය මන්ත්‍රිවරුන් බවත් එහි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ විපක්ෂ නායක කාර්යාලයේ දී Citizens’ Voice (පුරවැසි හඩ) වැඩසටහන සඳහා පැමිණි දිවයින පුරා සිටින යෞවන සමාජවල සාමාජික සාමාජිකාවන් හමුවූ අවස්ථාවේදීය.



අදහස් (2)

යෞවන සමාජ දේශපාලනීකරණයට ඇද දාලා

ගමේ එකාලා Saturday, 26 July 2025 04:52 PM

තමුන්ලටත් බලය තිබුණු කාලේ ඒ දේවල් කරන්ඩ තිබුණා . දැන් කෙදිරිගාලා හරියනවද? පිට පිට මැතිවරණ පැරදෙනවා. පක්ෂේ ඇතුළෙත් සමගියක් නැහැ. අන්තෝජටා බහි ජටා කිව්වලු ?

:       0       0

අනේ සිරි! Saturday, 26 July 2025 10:12 PM

අනේ ඉතිං අසරණයා නොවැ! පස්පංගුව වත් නැතෙයි ගෙදර තම්බන් බොන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site