
(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් හය දෙනෙක් ඇතුළත්ව සිටිති.
රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් වන හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, රශ්මි නෙත්රාංජලි, ශෂිනි ගිම්හානි, සංජානා කාවින්දි සහ ෂෙහාරා ඉඳුවරී එම ක්‍රීඩිකාවෝ වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර කටයුතු කරන අතර මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දි උප නායිකාව ලෙස කටයුතු කරන්නීය.
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ වැඩිමහල් දියණිය වන ලිමන්සා තිලකරත්න එම කණ්ඩායමට ඇතුළත්ව සිටීම කැපී පෙනේ.
ශ්‍රී ලංකා පිලේ ප්‍රධානම දඟ පන්දු යවන්නිය ලෙස පසුගිය කාලයේ ‘බට්ටි’ ලෙස ප්‍රසිද්ධ වූ මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යලයේ චමුදි ප්‍රබෝදා කටයුතු කරන්නීය.
මෙම තරගාවලිය මැලේසියාවේදී මේ මස 18 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතය:
මනුදි නානායක්කාර (නායිකා - මොරටුව වේල්ස් කුමරි විදුහල), රශ්මිකා සෙව්වන්දි (උප නායිකා - මාතර අනුර විදුහල), විමෝක්‍ෂා බාලසූරිය (ත්‍රිකුණාමලය සිංහල මහ විද්‍යාලය), හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, රශ්මි නෙත්රාංජලි, ශෂිනි ගිම්හානි, සංජානා කාවින්දි සහ ෂෙහාරා ඉඳුවරී (රත්ගම දේවපතිරාජ විදුහල), දහමි සනුත්මා (නුගේගොඩ අනුලා විදුහල), අෂිනි තලගුණේ (මහනුවර මහමායා විදුහල), ප්‍රමුදි මෙත්සරා (අම්පාර උහන මධ්‍ය විද්‍යාලය), චමුදි ප්‍රබෝදා (මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යලය), දනුලි තෙන්නකෝන් (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) සහ ලිමන්සා තිලකරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd