(සුජිත් හේවාජුලිගේ )
අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අත නොහැර අඛණ්ඩවම සහය ලබාදෙන බව යුරෝපීය රටවල තානාපතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (24) පොරොන්දුවූහ.
එම තානාපතිවරුන් මෙසේ පොරොන්දු වූයේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
"යුරෝපා රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් විදිහට සලකන්න " යැයිද ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.
ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ස්ථිර පණිවිඩයක් ලබාදීමෙන් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව තානාපතිවරු පෙන්වා දුන්හ.
කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබාදීමෙන් ගැටලු රැසකට විසඳුම් ලබාගත හැකි බව ජනාධිපතිවරයා පැවසීය.
වගා කර නොමැති රජයේ ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් ලබාදීමට පියවර ගෙන ඇති බවත් යුද්ධයෙන් පසු මානුෂීය තත්වයන් සැලකිල්ලට ගෙන ජනතාවට දීර්ඝකාලීන විසඳුම් ලබාදීමට කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම නීතිය ක්‍රියාත්මකවීමේදී කිසිවිටෙකත් ඊට මැදිහත් නොවී පක්ෂ භේදයකින් තොරව සාධාරණව කටයුතු කර ඇති බවද ඔහු කීවේය.
ආයෝජන, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ඡාව කෙරිණ
මේ සාකච්ඡාවට යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi), ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටු (Eric Lavertu), ඉතාලි ජනරජයේ තානාපති රීටා මැනෙල්ලා (Rita Mannella), නෝර්වේ තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩාල් (Trine Jøranli Eskedal), නෙදර්ලන්ත තානාපති ටාන්‍යා හොන්ග්‍රිච් (Tanja Gonggrijp), ජර්මනියේ තානාපති හොල්ගර් ලොතර් සොයිබර්ට් (Holger Lothar Seubert), රුමේනියාවේ තානාපති ආචාර්ය වික්ටර් චියුඩියා (Victor Chiujdea), තුර්කි තානාපති රකිබේ ෂෙකර්ජිඕලූ (Rakibe Şekercioğlu), ස්විට්සර්ලන්ත සම්මේලනයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර් (Dominik Furgler), ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
යුරෝපා තානාපතිවරුන් ගෙන් ජනපතිට සහතිකයක්
chandima Friday, 24 June 2022 08:21 PM
දිගටම ණය දෙනවා කිව්වද? බොල් ණය කපාහරිනවා කිව්වද? තව නෙළුම් කුළුණක් ගහන්න සල්ලි දෙනවා කිව්වද? ඇත්තටම මොනවද කිව්වේ..?
chandima Friday, 24 June 2022 11:27 PM
මෙහිදී අපි යාලුවෝ කිව්වට එහෙ ගියාම මානව හිමිකම් නෝනව කුලප්පු කරලා ලෙඩේ දානවනේ... කොහොමද විශ්වාස කරන්නේ..? එහෙමනම් විශ්වාසය පලකිරීමක් හැටියට දහ පහළොස් දාහක් වීසාවත් දෙන්න මේ අමාරු අවස්ථාවේ එහෙ ගිහින් වැඩ කරලා එන්න. ජපානය, කොරියාව නම් කරන්නේ එහෙමයි. මොකද වචීපරම මිත්‍රයින් නම් ඕනෑතරම් ඉන්නවා.