
(නිමල කොඩිතුවක්කු)
යුරෝපීය රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රජය මැදිහත් වන බවත්, ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවත් වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
යුරෝපා රටවල්වලින් වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙන බවත් සංචාරකයින්ගේ පැමිණීම ප්‍රතිශතයක් ලෙස ගත් විට යුරෝපා සංචාරකයින් වැඩි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය රටවල ස්කැනේඩියානු, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් සඳහා ද ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සිදුකළ බවත් එම රටවල සංචාරකයන් පැමිණීමේ සැළකිය යුතු වර්ධනයක් ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’ යුරෝපීය සංචාරකයින් වැඩි කරගන්න රජය මැදිහත් වෙනවා’
de silva berlin Wednesday, 29 October 2025 03:50 AM
ඇමති තුමා යුරෝපා සංචාරකයෝ වැඩි කරගන්න නම් අර ඔබතුමා කලින් ප්‍රකාශ කල පරිදි යුරෝපා සංගමේ සංචාරකයන් සදහා දින 30 සදහා නොමිලේ ON arrival Visa දෙන්න , ඔබතුමා පොරොන්දු වුන අගෝස්තු 1 සිට යුරෝපා සංගමේ ඇතුළු රටවල් 40 කට නොමිලේ on arrival ක්‍රමයට විස දෙනවා කියල නමුත් ඔබතුම එම තීරණේ පැදුරටත් නොකියා රිවස් කරගත්ත , රුසියාවට , යුක්රේනෙට , චීනෙට , ඉන්දියාවට , චෙක් රිපබ්ලික් රටට නොමිලේ වසරක කාලෙකට on arrival ක්‍රමයට විසා දෙනවා , මේකේ පදනම කුමක් ද ? මේ පහසුකම දෙන්නේ පැරැණි කොමියුනිස්ට් රටවල් වලට පමණක්ද ? මේ අවස්ථාවේ රුසියාව සමග සිතල යුධයක් පැටලිලා ඉන්න යුරෝපා සංගමේ මේක දකින්නේ ඔවුන්ට කරන අගවුරවයක් ලෙසට , අපගේ තරග කරුවන් වන , තෛලන්තේ , මාලදිවයින , වියට්නාමේ , ඉන්දුනීසියාව , පිලිපිනේ , චිනේ පවා ඔවුන්ට නොමිලේ on arrival visa දෙනවා , කුඩම්මාගේ සැලකිලි දක්වන කොට ඒගොල්ල වැඩිපුර එන එකක් නැහැ , වහාම ඔබ කලින් ගත් තීරණේ ක්‍රියාත්මක කරන්න
sadun Wednesday, 29 October 2025 05:56 PM
සිල්වාගේ කතාව හරි ,ඇමතිතුමා නිකන් පිස්සු කෙලින්න එපා , 2019 බෝම්බ ප්‍රහාරයට පස්සේ රනිල් යුරෝපා සංගමේ සංචාරකයන් ඇතුළුව තවත් රටවල් කණ්ඩායමක් සදහා දින 30 සදහා නොමිලේ on arrival ක්‍රමයට visa දුන්න ටුවරිසම් එක හොඳ නැගල අවා 2020 කොරෝන එකට රට වහන තුරුත් ටුවරිසම් එක හොඳ නැගල ගිය , 2022 ප්ට්‍රෝල් නැතිවෙලා රට ආර්ථික අගාධයේ වැටිලා තිබෙන විටත් රනිල් නැවත යුරෝපා සංගමේට මෙම සහනය දුන්න , ටුවරිසම් නැගල ආව , යුරෝපා සංගමෙන් එන්නේ හොඳට වියදම් කරන සුද්දෝ ඔවුන්ට නොමිලේ වීස එකක් වැනි පොඩි ඇමක් ගහල රට ඇතුලට ගත්තට පස්සේ ඔවුන් හොඳට වියදම් කරනවා , ඔය බනිස් එකක් කාල ප්ලේන්ටි බොන ඉන්දියන් කාරයෝ , බාබර් සාප්පු , හෝම් ස්ටේ දමන රුසියන් කාරයෝනට නිකන් දෙන විස එක , යුරෝපේ මිනිස්සුන්ට දුන්නහම ආණ්ඩුවට හෙන ගහනවද ? යුරෝපේ මිනිස්සුන්ට දෙන්න බැරිනම් , ඉන්දියන් රුසියන් කාරයන්ට, චීනුන්ට දෙන විස එකටත් මුදල් අය කරන්න එතකොට වැඩේ සාධාරනනේ ? රුසියන් , ඉන්දියන් , චීන්නු මෙහෙ දැන් බිස්නස් කරනවා සංචාරක වීසා වලට ඇවිත්
sarath Wednesday, 29 October 2025 06:05 PM
ඕක ටුවරිස්ට් බෝර්ඩ් එකේ නිලධාරී ඔබතුමාට දුන්න ලනුවක් , ඉන්පස්සේ යුරෝපේ සංචාරක ප්‍රවර්ධනයට කියල නිලධාරී විදේශ සංචාරවලට කෝටි ගණන් වියදම් කරාවි , ඇඩ් දමන්න සහ වෙන වෙන දේවල් කියමින් , වියදම් කරවී කොමිස් ගහවි , ඔය මුකුත් නොවේ අර සිල්වා කියන විදිහට මුලින්ම යුරෝපෙන් එන සංචාරකයනට දින 30 සදහා නොමිලේ on arrival ක්‍රමයට විස නිකුත් කිරීම නැවත ආරම්භ කරන්න , හොඳ ප්‍රතිපල ලැබේවි මාලදිවන , වියට්නාමේ , තායිලන්තේ , ඉන්දුනීසියාව කරන්නේ මේ ක්‍රමය , චීනෙත් දැන් මාස 7-8 සිට මේක පටන් අරන්
Ranjan Wednesday, 29 October 2025 09:44 PM
කටින් බතල හිටුවනවා. දැන් ජූලි මාසයේ ඉදන් ෆ්‍රී වීසා දෙනවා කිය කියා...