IMG-LOGO

යාපනය සරසවි සිසු ගේට්ටුවට අගුළු දමති

(රොමේෂ් මධුෂංඛ)

යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයට ඇතුළුවන ගේටුව වසා එහි පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක් ආරම්භ කිරීම හේතුවෙන් දෛනික කටයුතු වලට බාධා එල්ල වී ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි.

යාපනය විශ්ව විද්‍යාලයට ඇතුලු වන ප්‍රධාන ගේට්ටුවට අගුලු දමමින් විශ්වවිද්‍යාලයට පිවිසෙන මාර්ගයේ වාඩි වි සිසුහු මෙසේ විරෝධථාවයේ නිරත වී සිටියහ.

2022 වර්ෂය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ නිලවරණය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය  නොපැවත්වීම හේතුවෙන් පැරණි මහාශිෂ්‍ය සංගමය එක්ව නිලවරනය පවත්වා මහාශිෂ්‍ය සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට පියවර ගෙන තිබුණි.

නමුත් මහාශිෂ්‍ය සංගමයේ නව නිලධාරී සිසුන් පත්කිරීමේදී විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මැදිහත් නොවීම හේතුවෙන් අදාල නිලධාරී සිසුන් පිළිනොගන්නා ලෙසට පාලනාධිකාරිය සිසුන්ට දැනුම්දීම හේතුවෙන් මෙලෙස විරෝධතාවය පැවත්වීමට හේතූ වී ඇත.

විරෝධතාවයේ නිරත වූ සිසුන් විසින් පාලනාධිකාරියට බලකරමින් කියා සිටියේ මහා ශිෂ්‍ය සංගමයට පත්කරගන්නා නිලධාරීන් වහාම පිළිගන්නා ලෙසටය.



අදහස් (2)

යාපනය සරසවි සිසු ගේට්ටුවට අගුළු දමති

uk ran Thursday, 17 February 2022 01:11 PM

කාලකන්නි සෙට් එකක් ඔය මහ ශිෂ්‍ය සංගමය කියන්නේ

:       1       9

කිරි පුතා Thursday, 17 February 2022 02:05 PM

අර සංගම්, මේ සංගම් හදාගෙන පිස්සු කෙළිනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටට සේවයක් කරන අදහසක් ඇත්තේම නෑ. මේ ළමයි රාජ්‍ය සේවයට ආපු දවසේ ඉඳන් බලන්නේ මොකක් හරි හේතුවක් හොයාගෙන වැඩ වරන්න. හිස් පණ්ඩිතකමයි, කටවාචාල කමයි ඇරෙන්න උසස් අදහස් ඇත්තේම නෑ. මේවා හැදෙන්නෙත් නෑ. පිරිහීම එන්න එන්නම වැඩි වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site