IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


යාපනය පුස්තකාලයේ පොත් ඕන තැනක ඉඳන් බලන්න ඉඩක්

(අංජුල මහික වීරරත්න)

යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් (e-library) ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද (01) ආරම්භ කෙරිණි. 

ඒ අනුව යාපනය මහජන පුස්තකාලය සඳහා  jaffna.dlp.gov.lk වෙබ් අඩවිය හඳුන්වා දීම මෙහිදී සිදු කෙරුණු අතර මේ ව්‍යාපෘතිය මගින් යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. 

යාපනයේ ජනතාවගේ අභිමානයේ සංකේතයක් වු යාපනය මහජන පුස්තකාලය ආසියාවේ විශාලතම පොත් එකතුවකින් යුත් පුස්තකාලයක් වන අතර පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම දෙස් විදෙස් පර්යේෂකයන් ඇතුළු විශාල පිරිසක් දෛනිකව එය පරිශීලනය කරති.

යාපනය මහජන පුස්තකාලය සඳහා ඒකාබද්ධ පුස්තකාල කළමනාකරණ පද්ධතියක් සහ ස්මාර්ට් කාඩ් ප්‍රවේශ පහසුකමක් හඳුන්වා දීම සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා සහායක තාක්ෂණය ඇතුළත් විශේෂ ඒකකයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු විය. 

මෙම ව්‍යාපෘතිය සඳහා 2025 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100කි.

ඊ-පුස්තකාල වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළ ජනාධිපතිවරයා එහි කියැවීමේ ශාලාව සහ පොත් බැහැර දෙන අංශයේ නිරික්ෂණ චාරිකාවකද නිරත වෙමින් කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරත විය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, යාපනය නාගරික මහ කොමසාරිස්, යාපනය පුස්තකාලාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

යාපනය පුස්තකාලයේ පොත් ඕන තැනක ඉඳන් බලන්න ඉඩක්

කෞෂි Monday, 01 September 2025 07:34 PM

මහින්දව කොපිකරන්න උපරිම උත්සාහයක් දරනවා. පව්! කොටලුවෙකුට කිසිදිනක අශ්වයෙක් වෙන්න බෑනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 96 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site