
(රොමේෂ් මධුෂංක)
යාපනය පේදුරුතුඩුව කර්කෝවලම් ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අඹුසැමි යුවලක් ඝාතනය කොට තිබියදී මළසිරුරු අද (30) දින සොයාගත් බවට පේදුරුතුඩුව පොලීසිය පැවසීය.
මෙලෙස ඝාතනය වී ඇත්තේ 54 හැවිරිදි මාණික්කම් සුබ්‍රමිණියම් සහ ඔහුගේ බිරිඳ වූ 53 හැවිරිදි මේරි සුබ්‍රමණියම් යන අයයි.
මිය ගිය සැමියාගේ මිතුරෙකු ඔහුට දුරකතන ඇමතුමක් අද උදෑසන ලබදී එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුගේ නිවසට ගිය මිතුරා නිවස පරික්ෂා කිරීමේදී අදාල අඹුසැමි යුවලගේ මළසිරුරු දැක ඒ් බව අසල්වාසීන්ට හා පොලීසියට දැනුම් දී ඇත.
මිය ගිය සැමියා පේදුරුතුඩුව රෝහලේ රෙදි සේදීම කරන අයෙකු බවටද අනාවරණය වී ඇති අතර අදාල ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මිය ගෙස් සිටි අඹුසැමි යුවල ආසන්නයේ පහර දීම සිදුකරන ලද බවට සැකකෙරෙන කොන්ක්‍රීට් ගල් කිහිපයක් තිබී හමු වී ඇති අතර අදාල ගල් වලින් පහරදීමෙන් මෙම ඝතනය සිදුකොට ඇතැයි පොලීසිය සැකපල කර සිටියි.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ නිවසක අඹු සැමි යුවළක් ඝාතනය කරලා