
( සිතුම් චතුරංග)
යාපනය, කන්කසන්තුරය, තිස්ස රාජමහ විහාරය ඉවත්කර එහි ඉඩම් සිවිල් ජනතාවට ලබාදෙන ලෙස විහාරස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර නොසන්සුන්ව හැසිරුණු විරෝධතාකරුවන් පස්දෙනකු අද( 21) අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය කියයි.
තිස්ස රාජමහ විහාරයට අයත් සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසට බලකරමින් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රී දරන් මහතා ඇතුළු පිරිසක් විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.
විහාර භූමියට ඇතුළුවීම සඳහා විරෝධතාකරුවන් උත්සහ කිරීමේදී පොලිසිය එය වැළැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හටගැනීමත් සමඟ යාපනය හින්දු පූජකවරයකු වන වේලන් සාමි ඇතුළු පස්දෙනකු පොලිසිය අත්අඩංගුවටගන තිබේ.


2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනය තිස්ස විහාරය ඉදිරිපිට නොසන්සුන් :5ක් අත්අඩංගුවට
අංජ. වි. Sunday, 21 December 2025 04:11 PM
තමන්ට කැමති විදිහේ විරෝධතා දක්වන්න. නීති කඩන්න එපා. කැඩුවොත් අත්අඩංගුවේ. මෙහෙම රටක් තමයි අපිට ඕන කරන්නේ. නීතිය සැමට සාධාරණව, සමව....
AMILA Sunday, 21 December 2025 04:35 PM
'ජාතික ආරක්ෂාව අනතුරේ 'නාට්‍ය ආණ්ඩුව ඉවරෙටම ඉවර කරාට පස්සේ 'ජාතිය ආගම අනතුරේ' නාට්‍ය ඔන්න ආයෙත් පටන් අරගෙන...
පන්සිළු Sunday, 21 December 2025 05:43 PM
නිරාගමිකයින් රජ කරලා දැන් බුදු දහමට වන හානිය ගැන අඬලා දොඩලා වැඩක් නෑ. මේක රටටම ඉතාම අපල කාලයක්. ඒකයි එවැනි නායකයින් බිහි වන්නේ...
User 7bV0n2 Sunday, 21 December 2025 06:12 PM
මධ්‍යම කදුකරය නාය යනවා දවසින් දවස, ඒ ප්‍රදේශ වල ජනතාව උතුරු හා නැගෙනහිර ඉඩමවල පදින්චි කරවලා වගා කරන්න දෙන්න, වව්නියාව, අම්පාර, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, දෙමළ, මුස්ලිම් අයට රටේ හැමතැනකම වගේ පදිංචි වෙන්න පුළුවනි නම් සිංහල අයට ඇයි බැරි?