‘යාපනය අන්තර්ජාතික සිනමා උළෙල’ 5 වැනි වරටත් පසුගියදා යාපනයේ දී පැවැත්විණි.
ජාත්‍යන්තර සම්මානලාභී වාර්තා හා කෙටි චිත‍්‍රපට අධ්‍යක්‍ෂිකාවක මෙන්ම ජාත්‍යන්තර සිනමා උළෙලවල ජූරි සභිකාවක ලෙසත් කටයුතු කරන අනෝමා රාජකරුණාගේ මූලිකත්වයෙන් මෙය ආරම්භ කෙරිණි.
රටවල් 22කින් චිත‍්‍රපට 70ක් පමණ (වෘතාන්ත, වාර්තා හා කෙටි චිත‍්‍රපට) මෙම උළෙල සඳහා ඉදිරිපත් කර තිබිණි.
එහිදී හොඳම වෘතාන්ත චිත‍්‍රපටය ලෙස ප‍්‍රදීපන් රවීන්ද්‍රන් අධ්‍යක්‍ෂණය කළ ‘soundless Dance’ චිත‍්‍රපටයත්, හොඳම ජාත්‍යන්තර කෙටි චිත්රපටය ලෙස මැලේසියාවේ අන්වර් ජොහාර් හෝ අධ්‍යක්‍ෂණය කළ ‘forget me not’ චිත‍්‍රපටයත්, ජනප‍්‍රිය කෙටි චිත්රපටය ලෙස පේ‍්‍රක්‍ෂකාගාර සම්මානය වනිතා සේනානිරාජ් අධ්‍යක්‍ෂණය කළ ‘The Ruins ’චිත‍්‍රපටයත්, හොඳම ජාතික කෙටි චිත්රපටය ලෙස සිලෝන් තියටර්ස් සම්මානය හා මුදලින් රුපියල් ලක්‍ෂයක ත්‍යාගය බව ගීතා ලෝගනාදන් අධ්‍යක්‍ෂණය කළ ‘Generations’ චිත‍්‍රපටයටත් හිමිවිණි.
උළෙලේදී, ජීවිතයේ එක්වරක් පිදෙන යාවජීව (Lifetime) සම්මානය මෙරට ප‍්‍රවීණ රංගනවේදිනියක වන ස්වර්ණා මල්ලවාරච්චිටත්, ඉන්දියාවේ දක්‍ෂතම සිනමා විචාරකයකු වන වී.කේ. ජෝශප්ටත් හිමිවූ අතර වසර 5ක් තිස්සේ උළෙල සඳහා මාධ්‍ය දායකත්වය ලබාදෙමින් සිනමා කලාවට කළ මෙහෙවර වෙනුවෙන් ‘‘සරසවිය’’ කර්තෘ අරුණ ගුණරත්නත්, ‘‘ඩේලිමිරර්’’ නියෝජ්‍ය කර්තෘ රමේෂ් උවෙයිස් හා ‘‘ලංකාදීප’’ විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් මෙහිදී සම්මානයට පාත‍්‍ර වූහ.
5 වැනි දා යාපනය අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ සම්මාන ප‍්‍රදානෝත්සවය යාපනය කාගිල්ස් චතුරශ‍්‍රයේ සිනමා සංකීර්ණයේ දී ප‍්‍රවීණ සිනමාවේදී අශෝක හඳගමගේ ප‍්‍රදානත්වයෙන් පැවැත්විණි.
මෙම උළෙල ‘‘ඇජෙන්ඩා 14’’ සිලොන් තියටර්ස් හා යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.



2025 ඔක්තෝබර් මස 08
1964
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1545
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යාපනය අන්තර්ජාතික සිනමා උළෙල දී ලංකාදීප විශේෂාංග කර්තෘට සම්මානයක්