IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යුද හමුදා මූලස්ථානයේදී අද (2) බාර දෙනු ලැබීය.

පසුගිය යුද සමයේ ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුම් අතරතුර කොටි සංවිධානයේ බැංකු සහ කඳවුරුවල තිබියදී මෙම ස්වර්ණාභරණ සොයාගෙන තිබේ.

මෙම ස්වර්ණාභරණ එම ප්‍රදේශවල සිටි දෙමළ ජනතාවගෙන් බලහත්කාරයෙන් ලබාගත්තා ද, නැතහොත් ඔවුන් විසින් එල් ටි ටි ඊ බැංකුවල තැන්පත් කළ ඒවාදැයි යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව යුද හමුදාව පවසයි.

රන් ආභරණ අතරින් බහුතරයක් 2009දී සිදුකළ මානුෂික මෙහෙයුමේදී සොයාගත් ඒවාය

(මේ පිළිබඳ අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පති  ප්‍රියන්ත වීරසූරිය මහතා මෙසේ පැවසීය)

මෙහි තියෙන රත්තරන් ප්‍රමාණය  හා ගුණාත්මක භාවය මැණික් සහ  ස්වර්ණාභරණ අධිකාරිය පරීක්ෂා කිරීමකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් යොමු කරනවා

ඒ අතරතුර දේපල හිමිකාරීත්වය  ප්‍රකාශ කරලා නියමිත පරිදි ලබා දෙන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙනුත් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග අධිකරණ තීන්දු තීරණ නම් වලට යටත්ව  ක්‍රියාත්මක කරනවා.

 (ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති  නවීන් සූරිආරච්චි මහතා)

අපේ රාජකාරිය වෙන්නේ රත්තරන්වල කැරට් ප්‍රමාණය සහ බර සහතික කරලා පස්සේ ස්වර්ණාභරණ සීල් කරලා පොලිසියට බාර දෙනවා. ඊට පස්සේ ප්ලෑන් එක කෙලින්ම  මහ බැංකුවට ඒවා ගිහිල්ලා තැන්පත් කරන්න 

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා බුද්ධි අංශයේ මේජර් ජනරාල් දීප්ත ආරියසේන මහතා ද සහභාගි විය



අදහස් (6)

යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි

ගුණරත්න Friday, 02 May 2025 10:18 PM

මම හිතන් හිටියේ මේවා මහින්ද ගෝඨා නාමල් වික්කා කියලා, විකුණලා ඒ සල්ලිවලින් බිත්කොයින් අරන් උගන්ඩාවට පැටෙව්වා කියලා, රනිලා ඒ හොරකම් වැහුවා කියලා...

:       0       0

Nandalal de Silva - France Saturday, 03 May 2025 02:22 AM

සෑයේ මැද තබා, සාම්ප්‍රදායික අන්දමට ඉදිකරන සෑය වෙනුවට රාජපක්ෂ සෑයන් ඉතා ශක්තිමත් කොන්ක්‍රීට් වලින් නිමවා තිබෙනවලු. හේතුව වශයෙන් දක්වා තිබෙන්නේ, ගඩොල් සෑයක් නිධන් සොරුන්ගේ ගොදුරු බවට පත්විය හැකි වුවත්, රණවිරු සෑයන් ලොකයේ තිබෙන බලගතුම බුල්ඩෝසර් මගින් හෝ විනාශ කර, සෑය මැද, ශක්තිමත් වානේ බහාලුම් තුළ නිධන් කර තිබෙන, රාජපක්ෂ පවුල "තැන්පත් කරපු ඉතා වටිනා නිදන් වස්තු" නිදන් සොරුන්ගෙන් ආරක්ෂා කර ගන්නලු...!!! මෙම නිදන් වස්තු කථාව කොහොම අවසාන වුවත්, රණවිරු සෑයන් තුළ අප කුඩා අවදියේ සෙල්ලම් කරපු ඇට බෝල හෙවත් ටීක් බෝල සමග දිලිසෙන සරුව පිත්තල කොළ කොතරම් සංඛ්‍යාවක් තැන්පත් කරාද කියා හරියටම දන්නේ ඒවා නිදන් කිරීමට උපදෙස් දුන් සහ ඒවා නිදන් කළ පින්වතුනුත් පමණයි ! කෝටි ගණනක් වටිනා නියම රන්, රිදී, මුතු, මැණික් ආදී මිලකළ නොහැකි වටිනා සම්පත්, රාජපක්ෂ පවුලේ සේප්පුවල මේ රටේ හෝ පිටරටවල තවමත් යහතින්, ආරක්ෂිතව ඇතැයි සිතමු...

:       0       0

Asanga Saturday, 03 May 2025 10:30 AM

මේවා ඩයස්පෝරව සතුටු කරන වැඩ. මේ රත්තරන් සේර්ම රජය සතු කරගන්න ඕනා. ඇත්තටම මුන්ට මොන්ගල්.

:       0       0

fairoos Saturday, 03 May 2025 11:53 AM

ඕවා දැන් ලිමිටේෂන් වෙලා ඇති ෂුවර් එකටම

:       0       0

achini Saturday, 03 May 2025 01:37 PM

ශිරන්ති රාජපක්ෂ හොරා කාපුවට මොකද්ද කරන්නේ...?????

:       0       0

Vidura Saturday, 03 May 2025 06:01 PM

Max, කෝ ඔයා එන්න මේකටත් අනුරට බනින්න

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 742 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site