(ප්‍රදීප් කුමාර)
මුලතිව් වට්ටපලේ කෝවිලේ පැවති වාර්ෂික උත්සවයට සහභාගී වී නිවස බලා යමින් සිටි තරුණයකු සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය සදහන් කරයි.
මෙම අනතුර අද (10) අලුයම් කාලයේ සිදුව ඇති බවට පොලිසිය සැක පලකරයි.
ඔට්ටුසුටාන් මාංකුලම් මාර්ගයේදී ඕලුමඩු ප්‍රදේශයේදී මෙම තරුණයා ගමන් ගත් යතුරු පැදිය පාලමක ගැටී ඔහු එම පාලම යටින් ගමන් ගත් ඇළ මාර්ගයට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව සැක කරනු ලබයි.
අදාළ තරුණයා යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී නින්ද ගොස් මෙසේ අනතුර සිදු වන්නට ඇති බව සැකකරනු ලබන අතර මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යතුරු පැදිය පාලමේ ගැටී තරුණයකු මරුට
Bunny Preena Wednesday, 11 June 2025 10:38 AM
විශේෂයෙන් නිදිවරා ඉන්න කෙනෙකුට නිදිමත එන්නේ ක්ෂණයකින්... ඉතින් එහෙම කට්ටියට කරන්න තියෙන හොඳම ආරක්ෂිත දේ තමයි නිදිමත නම් පැත්තකට වෙලා හොඳට නිදාගෙන ඉවර වෙලා ගමන් යන්න. නැතිව නිදිමතේ වාහන පදවන එක නෙවෙයි. බොහොම කණගාටුදායක මරණයක්...