‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.
‘යාගී’ සුළි කුණාටුව මියන්මාරයට කඩා වැදුණේ චීනය, පිලිපීනය සහ වියට්නාමය පසු කරමිනි. මියන්මාරයට කඩා වැදීමට පෙර, සුළි කුණාටුව ජීවිත 287 ක් බිලිගත්තේය. වැඩිම මරණ වාර්තා වූයේ වියට්නාමයෙනි.
සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 200 කට වඩා වැඩි වේගයකින් මියන්මාරයට කඩා වැදුණු බව ද පැවැසෙයි. අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත් වූ මියන්මාර වැසියන් 3,20,000 ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණු බව පැවැසෙයි. මියන්මාරයේ පවතින්නේ හමුදා පාලනයකි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන්ට ලැබුණු තොරතුරු අනුව, සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට මියන්මාරයේ 113 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 64 දෙනකු අතුරුදන් බවත්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
Nandasena Monday, 16 September 2024 05:23 AM
ඔය මෛත්‍රීපාල සිරිසේන එවනවා කියපු සුළි කුණාටුව නොවෙයි නේද
රම්බොඩ Monday, 16 September 2024 09:33 AM
ඔවුනට ඉක්මනින්ම සහනදායී පරිසරයක් උදා වේවායි මෙත් සිතින් පතමු.