IMG-LOGO

යකා නැටු ජේලර්ගේ වැඩ තහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
"මහ එවුන්ට වගේම උඹලටත් කොරෝනා බෝ කරන්න ඕනේ" යැයි පවසමින්   වටරැක බන්ධනාගාරයේ දොරටු පාලක නිලධාරි ඇතුළු නිලධාරීන් කීපදෙනකු බදාගත් ජේලර් වරයාගේ  වැඩ තහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකව චන්දන ඒකනායක මහතා පැවසීය.
 
විනය පරීක්ෂණයක යටත්ව එම  වැඩ තහනම කර ඇත.
 
මහර බන්ධනාගාරයේ  ඇතිවූ සිද්ධියෙන් අනතුරුව  විශේෂ රාජකාරි සඳහා වටරැක බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයා ද යොදවා තිබී ඇති අතර දින කීපයක් රාජකාරි කිරීමෙන් අනතුරුව ඔහු නැවත වටරැක බන්ධනාගාරය වෙත පැමිණ තිබිණි.
 
මෙහි දී ප්‍රධාන දොරටුව අසල රාජකාරිය යෙදී සිටි දොරටුපාලක නිලධාරියා විශේෂ රාජකාරි සඳහා ගිය  නිලධාරීන්ට නිවසේ  ස්වයං  නිරෝධායන යෙදීම සඳහා  දින 14 ක් නිවාඩුවක්  ලබා දී   ඇති බව පැවසීමත් සමග උරණ වූ වූ ජේලර්වරයා  එලෙස ආවේගශීලීව ඇසිරී තිබිණි .
                         
එතනින් නොනැවතුණු එම ජේලර්වරයා නිලධාරී විවේකාගාර වලට ගොස්  එම ඇඳන් වල ද සැතපී ඇති අතර සෙසු නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ අනෙකුත් ඇඳුම් පැළඳුම් ද  අතට ගෙන පොඩි කර නැවත දමා ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

ජේලර් වරයාගෙ එම හැසිරීම සම්බන්ධයෙන් රාත්‍රී කාර්යභාර ජේලර්  වරයා සහ දොරටු පාලක  නිලධාරියා විසින් මීගොඩ  පොලීසියටද   පැමිණිල්ලක්  කර තිබිණි.
 



අදහස් (5)

යකා නැටු ජේලර්ගේ වැඩ තහනම්

Bamunuarachchi Sunday, 06 December 2020 02:21 PM

මේ වගේ කාලකන්නින්ව සේවයේ තියා ගතයුතු නැත.

:       1       14

Demuni Uduwara Sunday, 06 December 2020 02:57 PM

අපේ රට දැන් ජෙලර්ලාගේ පුරයක් වෙලා

:       1       20

nimalrajapakse Sunday, 06 December 2020 05:25 PM

නීතියට ක්‍රියාවට නංවන්න.

:       0       17

Prabha Sunday, 06 December 2020 05:42 PM

මහර ගිය වෙලාවෙ රිවස් පෙත්තක් ගහන්න ඇති...

:       2       25

Raveendra Monday, 07 December 2020 03:54 AM

ඉහල සිට පහල දක්වා කලවැද්දන්ගෙන්, හෝතඹුවන්ගෙන් පිරි සමාජයක මේ කවුද?...

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site