IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


යක්කල පාලමක් අසල පාර ගිලා බහි: කොළඹ මහනුවර මාර්ගය වැසෙයි

(තිලකරත්න දිසානායක සහ අංජුල මහීකවීරරත්න)

අත්තනගලු ඔයේ අතු ඇළක් වන යක්කල ආයුර්වේදය අසලින් ගලා බසින ඇළ හරහා ඉදිකර ඇති පාලම ආසන්නයෙන් මාර්ගය ගිලා බැසීමට ලක් වීම නිසා කොළඹ මහනුවර මාර්ගය  සම්පූර්ණයෙන්ම වසා දැමූ බව විරඟුල පොලිසිය කියයි.

එම මාර්ගයේ ගමන් කරන්නන් විකල්ප මාර්ග භාවිත කරන්නැයිද පොලිසිය කියයි. 

මෙම මාර්ගය සහ පාලම මීට මාස කීපයකට ඉහත දී නවීකරණ කළ එකක් බව ද දැනගන්නට ඇත. 

පවතින අධික වරෂාවත් සමග විකල්ප මාර්ග භාවිත කිරිමට අපහසුවී ඇත ඇතැම් ස්ථානවලින් මාර්ග තවමත් යටවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. මෙම මාර්ගය අසල අත්තනගලු ඔය අතු අළ වසර ගණනාවක් තිස්සේ පිළිසකර නොකිරීම නිසා සාමාන්‍ය වැස්සකදී පවතා එහි ජලය පීරි ඉතිරීයයි. ජල බැස්ස නිසියාකාරව සිදු නොවන බව අසල පදිංචිකරුවකු පැවැසීය. 

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වී කඩිනමින් මාර්ගය විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අප වාර්තාකරුවෝ පැවැසීය.

--------------------------------------------------------------

 

(අංජුල මහික වීරරත්න සහ තිලකරත්න දිසානායක)

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසල පාලමේ මැද කොටස ගිලා බසිමින් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

මෙි නිසා යක්කල -තිහාරිය අතර මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි ඉල්ලා සිටී.

වීරගුල පොලිසිය  වහා ක්‍රියාත්මක වී සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන්  වහාම එම මාර්ගය වසා දැමීමට කටයුතු කළේය. 

කඩිනමින් කුහරය පුරවා වැලිකොට්ට දමා මාර්ගය පිළිසකර කිරීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන ඉංජිනේරුවෝ පවසති.

(ඡායා තිලකරත්න දිසානායක)

 

(ඡායා දහම් සංකල්ප)

 

 



අදහස් (0)

යක්කල පාලමක් අසල පාර ගිලා බහි: කොළඹ මහනුවර මාර්ගය වැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 160 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site