
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්ම මහත්මීන් සමග ද්විපාර්ශ්වි සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යාංශය කියයි.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිතය.
මෙම සංචාරයේදී දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීම ද සිදුවනු ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය,ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක,ඉන්දීය විදේශ ලේකම් සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීහු කිහිපදෙනෙක් සහභාගී වෙති.

COMMENTS
යන්න බෑ කියයිද ?
ඔය කියන දවස්‌වල මම ටිකක් බිසි. වෙලාව තිබුණොත් කියන්නං. එතකොට එන්න පුළුවන් මාව හම්බ වෙන්න.
බයකරලා වැඩි ගාණට විදුලිය ගන්න ගිවිසුමක් ගහන්න කියන්න වෙන්න ඇති...?
ඉන්දියානු ව්‍යාප්තවාදය කියන්නේ මේකට. ටිකක් කල්පනා කරලා බලන්න.
එක්ටා අත්සන් කරන්න නේද?