
(ජේ.කේ.එල්. චාමින්ද)
මාගාල්ල ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ දි ගාල්ල සිට බෙලිඅත්ත බලාධාවනය වෙමින් තිබු දුම්රියක කාර්රථයක් ගැටිමෙන් කාර්රථයේ ගමන්ගත් එකම පවුලේ සිව් දෙනෙකු සුළු තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලට ඇතුලත්කොට ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
මාගාල්ල කච්චුවත්ත විහාරස්ථානයේ පැවති පුජාවකට සහභාගිවිමට ඊයේ(03) රාත්‍රී මොවුන් මෝටර් රථයකින් යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.
මෙම අනතුරෙන් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දරු දෙදෙනා තුවාල ලබා ඇති බවද රෝහල් පොලිසිය පවසයි. අඹු සැමි යුවළ වයස අවුරුදු 42,හැවිරිදි වියේ පසුවන අතර දරු දෙදෙනා වයස අවුරුදු 10, හා 08 වැනි වියේ පසු වෙති. මොවුන් ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පන්සලට යනවා බොහෝදෙනා සහනය පතා, මේ එහෙම සහනයක් ලද අවස්ථාවක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මිථ්‍යාවෙන් බැහැර වෙන්න සුදුසුම කාලය මේ. 2015ට පෙර ඔතැන හිටිය රජතුමාගේ දෛවඥයා, බෝඩ් එක මහුදෙ ගව්වක් දුරට පේන තරමට ලොකුයි, ඒකෙ තිබුණේ ජාත්‍යන්තර ජෝතිශ පරීක්ෂණ මධ්‍යස්ථානය කියලා, රජා පැරදුණාට පස්සේ එතැන වැහුණ, ඒකයි අපි කියන්නේ ඕවා මිථ්‍යා කියලා