(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අති සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රුපියල් කෝටි ගණනක දේපළ ගබඩා කර තිබූ තිබු ලොරි රථයක් දෙල්කඳ හන්දියේදී ගැටීමෙන් එම වාහන දෙක ගිනිගෙන විනාශ වූ බව මිරිහාන පොලිසිය කියයි.
මෝටර් රථයේ රියැදුරු හා රිය සහායකයා තුවාල ලබා නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් වී ඇත.
මෙම අනතුර ඊයේ රාත්‍රී 11.30 ට පමණ සිදුව ඇති බවත් කාර් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය පැවසීය.
සුඛෝපභෝගී කාර් රථ දෙකක් දෙල්කඳ හන්දිය දෙසසිට මහරගම දෙසට ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් ගමන් ගත් කාර් රථයට වේගය පාලනය කර ගැනීමට වම්පස තාප්පයක පළමුව ගැටී අනතුරුව මාර්ගයේ අසල නවතා තිබූ ලොරි රථයේ පිටුපස කොටසේ ගැටුනු බවත් එම අවස්ථාවේ එක වරම මෝටර් රථය ගිනි ගැනීමට පටන් ගත් බවත් සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසින් සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් පැවසීය.
මෙම අනතුර වී ඇත්තේ ශ්‍රව්‍ය දෘශ් මාධ්‍ය ය උපකරණ තොගයක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක් වෙත බාමින් සිටියදී බවත් පොලිසිය කියයි.






COMMENTS
මේ තරම් ගිනි නිවීම් පහසුකම් ඇති නගර මධ්‍යයක මේක නිවාගන්න බැරි වීම ඇත්තටම කණගාටුදායක යි.
අමාරුවෙන් උපයන ඩොලර් වලට ගෙන්වන භාණ්ඩ නොසැලකිලිමත් කම නිසා ගිනිගෙන විනාශ වේ...
අපිට නං ආරංචිය ආවෙ බෙන්ස් එකේ දෙන්න බීලා ඉදලා කියලා
බීමත් රියදුරන්, අපරාධ වැලැක්වීමට පොලිසිය අසමත් වී ඇත.
පින්සිද්ද වෙයි.. ‘‘සරල සිංහලෙන්‘‘... හැමෝටම තේරෙන්න වචනෙ පාවිච්චි කරන්නේ... පරණ ඉස්කෝලෙට ගිය බොහෝ දෙනෙක් තාම ඉන්නවා. වතුකරයේ දමිල වැසියන් කියන කැඩිච්ච සිංහල කණට මිහිරියි... මේ නොතේරෙන සිංහල වලට වැඩිය....
මිරිහාන වගේ ප්‍රදේශයක මොනවද වගේ ගින්නක් නිවාගන්නට බැරි ගිනි නිවන හමුදාවක් අපට තියෙන්නේ. මීට වඩා ව්‍යසනයක් වුණොත් දෙයියන්නේ පිහිටයි...