IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


මොරොක්කෝවේ ගොඩනැගිලි දෙකක් කඩා වැටී 22 මරුට

(හසිනි නවෝද්‍යා)

මොරොක්කෝවේ ෆෙස් නගරයේ ගොඩනැගිලි දෙකක් කඩා වැටී පුද්ගලයන් 22 දෙනකු මිය ගොස් තවත් 16 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බදාදා අලුයම කඩා වැටුණු සිව් මහල් නේවාසික ගොඩනැගිලි දෙකෙහි පවුල් අටක් සිටි බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම වන විට එක් ගොඩනැගිල්ලක් හිස්ව පැවති බවත්, අනෙක් ගොඩනැගිල්ලෙ දරුවකුගේ උපත වෙනුවෙන් උත්සවයක් පවත්වමින් සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නගරයේ නව කොටසේ නිරිතදිග අල් මස්සිරා උපනගරයේ පිහිටා ඇති මෙම ගොඩනැගිලි වසර ගණනාවක් තිස්සේ පිරිහීමේ සලකුණු පෙන්නුම් කර ඇති බව මොරොක්කෝ ප්‍රවෘත්ති ආයතන කිහිපයක් වාර්තා කරන බවත් දැන් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුවෙමින් පතිින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊසානදිග මොරොක්කෝවේ පිහිටි ෆෙස්, උතුරු අප්‍රිකානු ජාතියේ පැරණිතම නගරවලින් එකක් වේ.

මේ වන විට අවට ගොඩනැගිලිවල පදිංචිකරුවන් ඉවත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

කඩා වැටීමට හේතුව සහ තත්වයන් පිළිබඳව පරීක්ෂණයක් දැන් ආරම්භ කර ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙරද අවස්ථා කීපයකදීම ෆේස් හි ගොඩනැගිලි කඩා වැටීමෙන් පුද්ගලයින් මිය ගිය බව වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

 



අදහස් (0)

මොරොක්කෝවේ ගොඩනැගිලි දෙකක් කඩා වැටී 22 මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 610 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 516 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site