(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතානගේ මහතා අද (24)නිකුත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ත්‍ර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ සිව් දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම අතුරු තහනම නඩුව විභාග කර තීන්දුවක් ලබා දෙන තෙත් ක්‍රියාත්මක වේ.
සර්චන්ද්‍ර මහතා 2022 වසරේදී මෙම නඩුව පවරා ඇති අතර මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සාන්ත ජයවර්ධන මහතා අධිකරණයට පවසා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 හා 2021 වසරේදී සභාපති ධුරයට පත්වීම නීති විරෝධී බවය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාවේ දොළොස් වැනි වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට පක්ෂයේ සභාපති ධුරය ඉසිලිය නොහැකි බවද,ඔවුන් අනුශාසකයින් ලෙස කටයුතු කළ යුතු බවද කරුණු දැක්වීය.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර විත්තිය විරෝධතා ජුනි මස 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටියේය. සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මේ සමග නීතිඥ සම්පත් පෙරේරා මහතා පෙනී සිටියේය.
හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගල
ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වය
විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන්
කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත
හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මෛත්‍රීට අතුරුතහනමක්
අරවින්ද මොනරවිල Wednesday, 24 April 2024 11:28 AM
බල තන්හාව හා තමන් පක්ෂයේ ව්‍යවස්ථාවට විතරක් නොවෙයි... රටේ නීතියටත් උඩින් ඉන්නේ කියලා හිතාගෙන ඉන්න තක්කඩි රැලෙන් එකක් තමයි මෙයත්, එහෙව් අයට තමන් රටේ නීතියට විතරක් නොවෙයි, පක්ෂ ව්‍යවස්ථාවටත් යටත් බව මතක් දෙන එක කවුරු කෙරුවත් හොඳ වැඩක්.
ranjith Wednesday, 24 April 2024 12:50 PM
මේ මනුස්සයාට නම් ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් නැහැ. 2015 තමන්ගේ පක්ෂ පාවා දුන්නා. පස්සේ දිනවපු අය පාවා දුන්නා බලේට තියෙන කෑදරකමට තව එල්ලිලා ඉන්නවා.
nanda Wednesday, 24 April 2024 12:52 PM
මෙයාට නියම කරපු දඩ මුදල ගෙවන්නේ නැතිනම් හිරේ යවන්න තියෙන්නේ...!
නිහාල් Wednesday, 24 April 2024 01:58 PM
පොල් ගෙඩි දෙක තුනක් හොරකම් කරපු කෙනෙක් නම් දනී කරන දේ...!
බද්රානි Wednesday, 24 April 2024 01:50 PM
දැන දැනම පාස්කු බෝම්බ ප්‍රහාරය වීමට ඉඩ හැරියාට හෙන ගහනවා! කෝ.. දැන් රාජපක්ෂලා කෙලෙහිගුණ සලකනවාද..?