
(අමිල චින්තක ගමගේ)
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය 'සිහිනය නොනිමිය' නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙරිණි .
මෙහිදී කෘතියේ මුල් පිටපත ලේඛිකා ආචාර්ය ගංගා රාජිනි දිසානායක ප්රමුඛ කණ්ඩායම වෙතින් හිටපු ජනපතිවරයා ලබා ගෙන මහා සංඝරත්නයට පිළිගැන්වීම සිදුවිය. මෙහිදී මහාචාර්ය සමන් වීරක්කොඩි ,ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරු කෘතිය පිළිබඳ අදහස් දැක්වූහ .
(ඡායාරූප: ළහිරු හර්ෂණ)







COMMENTS
ආප්ප කාලා පැනපු හැටි, මහින්දයාට පස්ස දොරින් අගමැතිකම පූජා කරලා රටම ගිනි තිබ්බ හැටිත් ලියලා ඇතිනේ? හිටන් දැන් පොත් ලියන්නත් පටන් අරන්...
හරිම නම දාලා තියෙන්නේ - තවමත් කැපිලා පේන්න ලොක්කෙන් වෙන හීනෙ නිමවෙලා නෑ - ජාතියට විහිළු සපයන්නෝ...!
ඕකේ ආය මොනවා බලන්නද, "ජනාධිපති තාත්තා" පොතෙන් දුව ඔක්කෝම කියලානේ තිබුනේ. අපරාදේ වියදම් කරපු සල්ලි ටික. පාසල් දරුවන්ට පොත්පත් ටිකක් අරගෙන දුන්නා නම් වඩා වටිනවා.
මේවාට කොහොන් හිනා වෙන්නද කියලා මම කල්පනා කලේ
ජනපති තාත්තාගේ සිහිනය නොනිමිය.. හීන බල බල හිටින්න හිටන්
එයා සිහින දැක්කේ පුතාව ජනාධිපති කරලා දුවව අගමැති කරන්න වෙන්න ඇති. ඒ සිහිනය එයා මැරෙන තුරු වැලිකඩ නිල නිවාසයේදි දකින්න වාසනාව ලැබේවා..!
ගොඩක් ප්‍රෙයා්ජනවත් මුද්‍රණයක්...
ඔය කොයි පොතත් ජනාධිපති තාත්තාට පදිරියි..
ඔයාමද ලිව්වේ කියලා ශුවර්ද? නිකමට ඇහුවේ...!
ගවයකුගේ සිහිනය... රජකම් කරලා.. පුළුවන් තරම් පාඩු කරලා ඒවාට වන්දි ගෙවලා තව පොතකුත් ලියලා...
මොනවද ලියන්න තියෙන්නේ..? ලියන්න තියෙන්නේ කොන්ද පණ නැති නායකයෙක් කියලා... එකෙක් වෙලා මම හිටිය හිටපු ඔක්කෝම හොරා කෑවා... මම දහයට නිදාගන්න එච්චර තමයි මේකට ලියන්න තියෙන්නේ...!
රට අර්බුදයෙන් අර්බුදයට ලක් කළ "6 වැනි විධායක ජනාතිපති"ත් , බැරි බරක් ඔහුගේ ඔලුව මත තැබූ චන්ද්‍රිකා, රනිල්, අනුර, චම්පික, හකීම්, සුමන්තිරන් වැනි දේශපාලකයොත් මේ රටට කළ හරිය ලියන්න නම් පොත් කීපයක්ම ලියන්න වෙයි.
අපරාදේ පොතේ කොළ. ගෝල්පේස් පිට්ටනියේ විකුණන බැදපු ඉස්සෝ වඩේ ඔතන්න ඔය කොළ දුන්නා නම් ඔයිට වැඩිය වටිනවා
හිටන් දැන් පොත් ලියන්ඩත් පටන් අරන් වගේ? දුවත් ලිව්වනේ සරළ තාත්තා කියලා. සරල තාත්තා රටට කරපු වින්නැහිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
හිටපු කාලේ කරපු දේවල හැටියට සිහිනය නොනිමි නම් බයත් හිතෙනවා. පාස්කු ප්‍රහාර, රෝයල් පාක්, සියල්ල බලයයි, මුදලුයි වෙනුවෙන් මෙයාගේ සිහිනනේ...
මොහු ලංකාවේ සිදුවූ නින්දිතම ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයෙකු වශයෙන් චෝදනා ලබා අගතියට පත්වූවන්ට මිලයන ගණනින් වන්දිගෙවූ දූශිත ක්‍රියා කළ කෙනෙක්...
සිහිනය නිමා වෙන්නනම් ජනාධිපති තාත්තා වැලිගම්පිටි යන්න ඕනේ !
ලැජ්ජා නහර කපාගෙන හිටපු ජනාධිපති...
සිහිනය නොනිමිය... රටටම කෙලවිය... ඔබහට නොහැකිය... තාමත් රැවටිය..
අපරාදෙ සල්ලි...!
ස්වයං අහවල් එක තමයි, පිස්සු හටන්