
(අංජුල මහික වීරරත්න)
මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාව මගින් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමිනි.
මෙහිදී යාපනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණි. මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා ද එක්ව සිටියේය. අනතුරුව ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ කුසලතා විදහා දැක්වෙන සංස්කෘතිය ප්‍රසංගය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්විය.
COMMENTS
ඇයි 2048 දී නෙමෙයි ද ? අහ් අමතක වුනා ඡන්දේ තියෙන්නේ මේ අවුරුද්දේ නේ. කැරට් හරි ලාබයි වගේ දැන්...!
තවම ජේ වී පී එකෙන් මේකට බැනලා නැහැ. පුදුමයි...
තාම ඉවර නැද්ද මුදාගෙන......දැන් මේ අවුරුද්දෙම තුන් හතර පාරක් ඕක කිව්වා නේද....
චක්.... පිනා හිතන්නේ මිනිහගේ අතලොස්සක් අනුගාමිකයෝ වගේ අලුකුත්තේරු හරක් මුලු රටේම ඉන්නේ කියලා. ගත්ත ණය නොගෙවා, ආර්ථිකය අකුලලා, මධ්‍යම පාන්තිකයා පවා දුප්පතුන් ගේ ගොඩට ඇදලා දාලා, රටේ සුලු කර්මාන්ත වහලා, අපනයන කර්මාන්තය 75% කට වඩා කඩා වට්ටලා තව තවත් ණය අරන් පෙන්වන මේ සෙප්පඩ විජ්ජාව ට රැවටෙන උන් ඒ හරක් විතරයි. ඕවා පාලිතයටයි, වජිරයාටයි කියනවා.
එක වේලාවකට කියනවා මමයි රට ගොඩදැම්මේ කියලා දැන් කියනවා තව එකක්
ඒ මඟුල් නෙමෙයි. ඇයි මූ වමතින් අතට අත දෙන්නේ? බාලදක්ෂයෙක්ද?
මූවපොලොව පලාගෙන මේ මොහොතෙම අපායට යන්න ඕනේ. යකෝ 1977 ඉදලම කරන්න බැරිවූදේ දැන් කොහොමද කරන්නේ?
කසුන් කියන්නෙ මොලේ අමාරු කාරයෙක් වගේ, කවුරුත් පක්ෂ නමින් මෙතන විරෝධතා සටහන් කරන්නෙ නැහැ. හැබැයි ජවිපෙ විරෝධතාව මහ ඉහළින් සලකනවට බොහෝම කැමතියි. මාලිමාවට බිය වන්නෙ හොරුන් සහ හොරුන්ගෙන් ලාභ ප්‍රයෝජන ගන්න ඉන්න අය විතරයි .
මුන් ගහන බොරු මුන්ට මතක නැ. දැන් මාස දෙක තුනක් ඉස්සෙල්ලා කිව්වා රට බංකොලොත් නැ කියලා
අනේ රනිල් වික්‍රමසිංහට දැන් හදිස්සියි ලංකාව බංකොලොත් භාවයෙන් ගොඩ ගන්න. ප්‍රශ්නය වන්නේ ඔහු තම පාලන සමයේදී කළේ කුමක්ද යන්නයි. ශ්‍රී ලංකාවේ නායකයන් වෙනත් රටවලින් ණය ගැනීම පාලනය කරන්නේ කෙසේදැයි ඔහු කිසිවිටෙක සිතුවේ නැත. ඒක කවදාවත් වුණේ නැහැ, රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල එක්ක එකතු වෙලා ලෝකේ වටේ වෙන ජාතීන්ගෙන් ණය අරගෙන මේ රට අගාධයට ගෙන ගියා.
ඉස්සර යුද්ධය තිබුණා. එන එන කෙනා කියන්නෙ යුද්ධය නිමා කරනවා කියලා. දැන් බංකොලොත් වචනය.
මුන්ම බංකොලොත් කරනවැ.. මුන්ම බේරගන්නවා..සගපස්සෙන් යන බයියෝ හුරේ දානවා.. ඕක තමයි පහුගිය අවුරුදු 50ක් වුනේ
හම්බෝ..., යංතං ඇති, ඒක ඇහුවට පස්සෙ තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ. දැං ඉතිං දෙයියනේ කියල ඇහැ පියාගෙන පස්ස උඩ දාගෙන එලිවෙනකං දොයි බබා කියතෑකි!
රට මුදා ගනීවි, බදු ගෙවන අය බංකොළොත් වේවි...!
මහබැංකුව කොල්ලකාලා රට බංකොලොත් කරන්න දායක වෙච්චි පිං ජනාධිපති දැන් කියනවා රට බංකොලොත් භාවයෙන් මුදාගන්නවාලු...