IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


මෙහෙමත් කජු කෑමක්

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට තොරතුරු අනාවරණයවී ඇත.

මේ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට අද16) උපදෙස් දුන්නේය.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදීය.

එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.

කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී ඇත.

කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් පන්දහසකටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500 කටත් ආහාර සැපයෙන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය.

එහෙත් මුළුතැන්ගෙය සඳහා සූපවේදියකු නොමැති බව සේවකයෝ පැවසූහ. මේ අනුව ඒ පුරප්පාඩුවට වහාම සුදුස්සකු බඳවා ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

වසර 44කට පෙර ඉදි කර ඇති ඉදිකර ඇති වරාය මුලුතැන්ගේ මේ වන විට ඉතාමත් අබලන් තත්වයේ පවතින බවත් ආහාර සැකසුම් තමන් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙහිදී හෙළිදරව්වී ඇත. ඒ අනුව මේ තත්වය වහා වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වරාය මුලුතැන්ගේ පවතින අඩුපාඩු සහ ආහාර ප්‍රමිතියෙන් තොර බව වෘත්තීය සමිති නියෝජිතයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

ඇමතිවරයා පෙර දැනුම්දීමකින් තොරව මුලුතැන්ගේ නිරීක්ෂණය කළේ මේ අනුවය.

වරාය මුළුතැන්ගේ කෑම පිසිනු ලබන්නේ ඉපැරණි ගෑස් ලිප් වල බැවින් ගෑස් විශාල වශයෙන් අපතේ යන බව සේවකයෝ පැවසූහ.

ඒ කාරණය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශයේ ලේකම් පී ඩී එස් රුවන්චන්ද්‍ර , වරාය අධිකාරි උප සභාපති ගයාන් අලගියවත්තගේ සහ වරාය මුළුතැන්ගේ කළමනාකරු ජේඩී ඩයස් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්වූහ.



අදහස් (20)

මෙහෙමත් කජු කෑමක්

saliya Thursday, 16 June 2022 08:29 PM

පාර්ලිමේන්තුව සමග තියුණු තරගයක්.. මහජන මුදල් කා දැමීමෙන් කරට කර...

:       2       147

උදයFriday, 17 June 2022 10:08 AM

කාලෙකින් ලස්සන කමෙන්ටුවක් දැක්කා. ස්තූතියි......!!

:       1       38

mp Thursday, 16 June 2022 09:35 PM

මේ දේශපාලකයින් මිනිසුන් විනාශ කරනවා.

:       6       6

සුදා Thursday, 16 June 2022 09:35 PM

අනිවාර්යයෙන් කජු සැපයීමේ කොන්ත්‍රාත්තුව රාජපක්ෂලාගේ ගැත්තෙක් අතේ ඇති...!

:       9       17

dasa Friday, 17 June 2022 06:10 AM

මේ ඇමැතිවරු දැක්කාම ඇතිවෙන්නේ දුකක්, කෝපයක්... මේ රට මේ තැනට ඇදගෙන යන්න දායක වෙච්චි කෙනෙක් තමයි ඔය කතා කරන්නේ... දියවන්නාවේ පුටුවත් නිදාගන්න ඇඳක් කළා. මේ මිනිස්සුන්ගෙන් මේ රට හදන්න පුළුවන් කියලා හිතන එකත් මහ ගොන්කමක් නේද?

:       1       12

nishantha fenando Friday, 17 June 2022 07:09 AM

මෙයාලා අපි දෙන ජරාවත් එක්ක කජුත් කනවද?

:       1       10

Ajantha Friday, 17 June 2022 07:39 AM

ඔයගොල්ලෝ රට කනවා වගේ තමයි එයාලා කජු කන්නේ...

:       0       9

Ajith Friday, 17 June 2022 07:45 AM

ඇයි වරායේ වැඩ කරන අයට වරායෙන් කෑම දෙන්නේ...?

:       1       9

sapumalMonday, 20 June 2022 05:04 PM

නැතුව ඔයා ගෙනත් දෙනවද?

:       1       0

Kanthi Friday, 17 June 2022 07:53 AM

මේ බැරි අමාරු කාලයේ වරාය දියුණු කරගෙන ආදායම වැඩි කරගන්න ක්‍රමවේද සොයා යන්නේ නැතුව බඩකට පුරෝගන්න හදන ක්‍රමවේද ගැනමයි කතාව. මෙහෙමත් ඇමැතිවරු...!

:       1       7

Manoj Friday, 17 June 2022 12:34 PM

උන් කජු කනව වගේ තොපි රට කනව

:       2       10

සඳුන් Friday, 17 June 2022 12:34 PM

කජු කාල හොඳට බුදිය ගන්න පුළුවන් ...

:       2       10

sam Friday, 17 June 2022 12:35 PM

මලා හොරා නේද වරායෙ ඇමතිය වෙලා තරන් බත් ඒකෙනුයි, බත් එක බෙදන පැක් එකෙනුයි හොදටම හොරා කෑවෙ. මුලු පවුලටම මාසයක් විතර බඩම යන්ඩ ඕනෙ. මල හොරා.

:       0       4

පුරවැසියා... Friday, 17 June 2022 02:29 PM

රටේ ජනතා මුදල් කාබාසිනියා කිරීම සුළුපටු නොවන බව මින් පැහැදිලියි. රාජ්‍ය ආයතන බොහොමයක්ම ඇත්තේ ගසා කෑමයි. මෙවන් ක්‍රියාවන් වෙනුවෙන් කටයුතු සිදුනොවීම ඉතා කණගාටුදායක තත්ත්වයකි...

:       2       16

sam Friday, 17 June 2022 03:29 PM

ඉතාම දුෂ්කර රාජකාරියක් වූ, මුට්ට කර ගැසීම ලෙස හැඳින්වුන, නැව් වලින් බඩු බෑම/පැටවීම සිදු කළ කම්කරුවන්ට පෝෂ්‍යදායී හොඳ ආහාර වේලක් ලබා දීමේ අරමුණෙන් ආරම්භ කළ වරායේ කුස්සිය වසා දැමීමේ කාලය දැන් එළඹ තියනවා. බඩු බෑම, පැටවීම තවදුරටත් මිනිස් ශ්‍රමයෙන් නොකෙරෙන නිසා දැන් කම්කරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් සැපයීමේ අවශ්‍යතාවයක් නැහැ...

:       0       16

හරින් Saturday, 18 June 2022 06:29 AM

රට කජු දීපල්ලා..!

:       0       2

W.Widanarachchi Saturday, 18 June 2022 02:19 PM

රටේ මහජන බදුවලින්, වැටුප් ලබන සුපිර් පංතියේත්, සේවකයන් ඉන්න බව බහුතරයක් වූ මහජනතාව දන්නේ නෑ. ඊළඟ අරගලය විය යුත්තේ..? මොවුන්ට වරප්‍රසාද දෙන්නන්ට විරුද්ධව... පෙල ගැසීමටයි.

:       0       3

Bamunuarachchi Saturday, 18 June 2022 04:23 PM

කජු වෙනුවට කොස්ඇට හෝ පිටරටින් නොගෙන්වන මොනවා හෝ ඇට, සපයන්න...

:       0       3

Perera Monday, 20 June 2022 06:47 AM

කජු ලාබෙට දෙන්න පුළුවන්නේ... !

:       0       0

sapumal Monday, 20 June 2022 05:08 PM

වරායේ කුස්සිය ගැන බලන්න මැනේජර්ලා කීපදෙනෙක්ම ඉන්නවා. ඔවුන් මොනවද කරන්නේ..? ඒ කෑම එක කන්න බැහැ මෙලෝ සතෙක්ට. සේවකයන්ට කෑමට කියලා කන්න බැරි කෑම දීලා අනික් පැත්තෙන් ඌරු කොටුවට එකතු කරගෙන යනවා. මේකේ ඉන්නේ රාජපක්ෂලාගේ නෑදෑයින් වෙන්න ඇති. තනිකරම ගැහිලි පුරයක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 60 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 59 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


සබරගමුව සරසවියේ තවත් සිසුන් 4ක් පොලිසියට බාරවෙති
2025 මැයි මස 05 367 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.


අගුණකොළේ බන්ධනාගාරයේ රැඳවියා මැරුවාදැයි සැකයක්
2025 මැයි මස 05 350 0

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට


කොටස් වෙළෙඳපොළ හෙට කලින් වහයි
2025 මැයි මස 05 80 0

කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.


ලංකාව - වියට්නාමය අතර ගිවිසුම් පහක්
2025 මැයි මස 05 293 0

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 717 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 185 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site