
( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා සංචාරකයකු මෙරටට ආ අවස්ථාවේ මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා හේතුවෙන් පැමිණ පැය 05 කට පසු ආපසු ගොස් ඇතැයි වාර්තා වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙසට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට ලබා දුන් උපදෙස් අනුව මෙම පුළුල් විමර්ශනය ආරම්භ කර ඇති බවද එම අමාත්‍යාංශය කියා සිටී.
පසුගිය 07 වෙනිදා මෙරටට පැමිණි ජෝර්ජ් නැමැති එම සංචාරකයා ශ්‍රී ලංකාවේ දී මුහුණ දුන්නේ යැයි කියන අපහසුතාවයන් පිළිබද ඔහු සිදු කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍යවල පුළුල් ලෙස ප්‍රචාරය වීම හේතුවෙන් , අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
අදාළ ඇමෙරිකා ජාතික සංචාරකයා එම සමාජ මාධ්‍ය වීඩියෝවෙන් සදහන් කරන්නේ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි තමාට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ සිය නියෝජිත ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා පැය 05 ක කාලය තුළ ආපසු ගිය බව යැයි ද සංචාරක අමාත්‍යාංශය පෙන්වා දේ.
COMMENTS
දවසකට සංචාරකයෝ පන්දහසක් ගෙන්ව ගන්ඩලු ප්ලෑන් කෙරුවේ .දැන් කොහොමද ? කෙරුවාවල් කෙසේ වෙතත් කයිවාරුව නම් තියෙනවා .
මොලේ කචල් උනු ඇමරිකන් කාරයෙක් ඉන්නවා ,මිනිහවත් අරන් යන්න බැරිද ?
සුද්ද සුද්ද කරන්න හදන්න ඇති. ඒකයි යන්න ඇත්තෙ,
මේ අදහස් නම් හරිම ශෝචනීයයි. අවුරුදු 43 ක් (77න් පසු) තිස්සේ රටේ පසුගාමීත්වය හරි පැහැදිලියි...
මම නම් හිතන්නේ මේකේ වැරැද්ද ඔහු බාරගත යුතුයි කියලයි. මේක සම්පූර්ණයෙන්ම ඔහුගේ නොහැකියාව නිසාම සිදුවූ දෙයක්. මාගේ දරුවන් පවා කුඩාකළ තනියෙන් ලංකාවට පැමිණ ගෙදර ගියා කිසිම කරදරයක් නැතිව. ඔහුගේ නොහැකියාවට ලංකාවට චෝදනා කිරීම වැරදියි. ගුවන්තොටුපලේ සංචාරක විමසීම් කවුන්ටරයෙන් මොහු උදව් ඉල්ලුවේ නැද්ද...?
දවසකට 5000ක් සංචාරකයින් එනවලු ලබන අවුරුද්දේ...? එක්කෙනෙක්ට හරියට පහසුකම් දෙන්න බැරිව 5000කට කොහොම පහසුකම් දෙන්නද? ඒ වගේම හොර ඒජන්සි, සංචාරකයන්ගෙන් සල්ලි අරගෙන හැංගෙනවා.
ඔය ඇමරිකන්කාරයින් ඔක්කෝටම පිස්සු. පුදුම තදියමක් තියෙන්නේ. පේන්නේ නැද්ද? මෙහෙ මුල් පුටුවෙ ඉන්න ඇමරිකන්කාරයා... ඒ මදිවට මුදල් ඇමතිකමේ ඉන්නෙත් ඇමරිකන්කාරයෙක්. මිනිහට මොළ හතක් තියෙනව කියලා තමයි ඇමරිකාවෙන් ගෙන්න ගත්තේ... පේන විදියට එක මොළයක්වත් නෑ.
ඉස්සර ඉඳන්ම ලංකාවට එක පාරක් ආපු සංචාරකයෙක් ආපහු එන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. මොකද ප්ලේන් එකෙන් බැහැපු වෙලේ ඉඳන්, ආපහු යන්න ප්ලේන් එකට නගිනකන්ම බලන්නේ ගසා කන්න, රස්තියාදු කරවන්න. ඔය හේතුව හින්දම ලංකාවට එන්නේ සත පහක් වියදම් කරන්න ලෝභ, රස්තියාදුකාර, නිකන් මැර ටයිප් සංචාරකයින්...
අනේ මේ යෝධ පැන්ඩාගේ විමර්ශනේ... මාටි පප්පා...!!
ලංකාවේ සංචාරක කර්මාන්තය හරියන්නේ නැත්තේ මේක නිසයි.. මෙම ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න වැඩි හරියක් දන්නේ එන එන සුද්දගේ සල්ලි ටික සුද්ද කරන්න විතරයි. කවුරුවත් සාධාරන විදිහට සේවාවක් ලබාදෙන්න උත්සාහ කරන්නේම නැහැ..
කයිවාරුව නම් අහසටත් උඩින්. ආපු මනුස්සයා තියාගන්න දන්නේ නැහැ. ඔය විදියට නම් සංචාරකයින්ට සලකන්නේ, ඔවුන් ආපහු එයිද?
ඇමැතිවරයා බලන් ඉන්නේ රුසියානු සංචාරකයන් නිසා ඇමරිකන් කාරයාට සැලකිල්ල නැතුව ඇති. සුද්දා එන්න ඇත්තේ තමන්ගේ රටේ දෙදෙනෙකු ජනපති හා මුදල් ඇමති නිසා හොඳ පිළිගැනීමක් තියේවි කියලා.. නමුත් ඇඳිවත දක්වා සූරාකෑම කරන්න හදපු නිසා කලකිරෙන්න ඇති... අයියෝ රටේ නම්බුව ඉවරෙටම ඉවරයි...
ඉහළ යන බඩුමිල ගැන පත්තරෙන්වත් දකින්න ඇති...
ඇමති ඇඟ බේරගන්න වෙන්න ඇති පරීක්ෂණයක් කරන්න කිව්වේ.
මේකට ඇමරිකන් ජාතිකයෙක් නෙවෙයි ඉතියෝපියානු ජාතිකයෙක් ආවත් ආපු ගමන් ආපහු යනවා. යන එනම්න් නැති ඉන්දියානුවෙක් නැතිනම් චීන ජාතිකයෙක් නතර වුනොත් ඇරෙන්න
ඇත්තටම මේ සුද්දන්ට පිස්සුද මන්දා, ගෝත්‍රික, මිලේච්ජ, හොරු බහුතරයක් වෙසෙන රටක සංචාරය කරන්න ලංකාවට එන්න. ලංකාවේ උපන් මිනිස්සු මේ රටින් පැනගන්න බැරිව දුක් විඳිනවා. කොහොමත් ඉතින් ලංකාවට එන්නේ වැදගත් සුද්දන් නම් වෙන්න බැහැ.
හැබැයි ඇමරිකානුවා උනත් ගිය ගිය තැන කළා බිලා පොල්ලක් තියලා යන කෙනෙක්ද දන්නේ නැහැ.
ඕකත් අර ජනාධිපතිතුමාගේ පැන්ඩෝරා පරීක්ෂණය වගේ වේවිද.?
ගුරු වර්ජන, ගෑස් මිල, කිරිපිටි නෑ, සුද්දා බය වෙන්න ඇති, ඒ මදිවට ටක්සිත් නැහැ.
මේවා අධිරාජ්‍යවාදී ජාත්‍යන්තර කුමන්ත්‍රණ.
දැන් ඉතින් අපේ අයියල බලාගෙන ඉන්නවා ඇති පහුගිය අවුරුද්දෙම සංචාරකයෝ එන්නේ නැතිව ලබපු පාඩුව මේ එන එක සංචාරකයා දෙන්නගෙන් අල්ලගන්න . දැන් ඉතින් ඔය මනුස්සය ලෝකේ වටේම ගිහින් කියයි ලංකවේ ඉන්නේ හොරු කියලා.
ආයේ කිසිදවසක එයිද මෙහෙට.
වැඩ බැරි ඇමරිකන් කාරයෙක් ඉන්නවා කවදද රටින් යන්නේ කියලා බලාගෙන ඉන්නේ අපි
මේ ඇමරිකන් කාරයන්ට මම කියන්නේ අපි තමයි හොඳටම කලේ කියලා විතරයි