
(ඩයනා උදයංගනී)
මෙරට පළමුවරට සියයට 30ක දේශීය අගය එකතු කිරීමක් සහිතව, එකලස් කරන ලද බොලෙරෝ සිටි පිකප් (Bolero City Pik Up) වර්ගයේ මෝටර් රථය වෙළඳපොළට හඳුන්වාදීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදුකෙරිණි.
මහින්ද්‍රා අයිඩියල් ලංකා ආයතනය මගින් එකලස් කර ඇති මෙම මෝටර් රථය එම ආයතනයට අයත් මතුගම වැලිපැන්න පිහිටි වාහන එකලස් කිරීමේ අංගණයේදී වෙළඳපලට හඳුන්වා දෙනු ලැබිණි.
අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ ඉතාම කෙටි කාලයක් තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) සකසා එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකිවූ බවත්, දේශීය වශයෙන් වාහන නිපදවීමේ, එසේත් නැතිනම් දේශීය වශයෙන් අගය වැඩියෙන් එකතු කරමින් වාහන එකලස් කිරීමේ කර්මාන්තය ප්‍රබල ඉදිරි ගමනක් කරා රැගෙන යාම එහි අරමුණ වූ බවත්ය.
වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බව කී ඇමතිවරයා ඉදිරියේදී ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ සන්නාමය සහිත වාහන මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට හැකි බවද සඳහන් කළේය.
කොවිඩ් වසංගත තත්වය හමුවේ රට තුළ පැවැති ආර්ථිකම හේතු මත වාහන ආනයනය නතර කර තිබීම වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ යෙදී සිටි හා නොසිටි අයට එම ක්ෂේත්‍රයට අවතීර්ණවීමට උත්තේජනයක් වූ බව කී ඇමතිවරයා සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් මෙරට වාහන නිෂ්පාදන කර්මාන්තයට අදාළ නීතිරීති නිසි පරිදි සකසා දීම සිදුවූ බව ද කීවේය.







COMMENTS
මේවා හොඳයිනේ ඇමැතිවරුන්ටත් ...
වීරවංශ වැඩක් කළොත් කිරිගහට ගොනා ඇන්නා වගේ...
ඕක ඉස්සෙල්ලම කර්මාන්ත ඇමැතිතුමා තමයි පාවිච්චියට අරන් පෙන්නන්න ඕනෑ...
එකලස් කරපු ඒවා ජනතාවට. පිටරටින් ගෙන්වන ඔරිජිනල් ඒවා දේශපාලකයන්ට. වැඩේ යන්නේ ඔන්න ඔය විදියට. මේ වගේ ඒවා එකම එක දේශපාලකයෙක් වත් පාවිච්චි කරනවද? නැහැනේ..
හොඳයි දෙයක් කළොත් අගයන්න පුරුදු වෙන්න ඕනේ... නියමයි ඔහොම යන්...
මේක පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මය .මෙයාලා මේ රෙදි ඇඳන් කොහොම මේවට එනවද මන්දා .ලැජ්ජයි
අවුරුදු 70ක් ගිහිල්ලත් තාම 30 කරගන්න පුළුවන් උනේ.?
ෆේයාරුස් ට මම ලයික් එකක් දැම්මේ පළමු වතවට .ඔව් ෆේයාරුස් අපි අගය කල යුතු දේ අගය කල යුතුමයි .ඒත් ඉතින් කමෙන්ට්ස් දාපු අනික් අය ගැන නම් ඉගෙනීමේ ප්‍රශ්නයක් තියනවා නේද ?
මේකේ මිලත් කීවානම් නේද හොඳ?
මෙහි 30% කළේ කුමක්ද ?
මීට කලින් යුනයිටඩ් මෝටර්ස් මිට්සුබිෂි ලාන්සර් ,මැස්ඩා එකලස් කරලා තියනවා .මේක පලවෙනි පාර වෙන්නේ කොහොමද ?
සියයට තිහක් කියන්නෙ සියයට හැත්තෑවක් හදපු වාහන ගෙන්නුවා කියල නේද? එහෙනම් එහෙම වාහන ආනයනය වෙනවා
හොඳයි දෙයක් කළොත් අගයන්න පුරුදු වෙන්න ඕනේ..
මේවා තමයි හොඳම කුමන්ත්‍රණ. ශ්‍රී ලංකා වෙළඳපොළ ඉන්දීය ආක්‍රමණය, වාහන ආනයනය නතර කිරීම ඇත්තටම රටට තියෙන ආදරේට ද? ප්‍රමිතියෙන් බාල ඉන්දියාව තුළත් ප්‍රතික්ෂේප වන මෝටර් රථ මෙරට එකලස් කිරීම්.
මේ ආරම්භය ඉතම හොඳයි. ඔහොම යමු.
ඉතාම හොඳ වැඩපිළිවෙළක් තවත් පොඩි පොඩි අය ඉන්නවා වාහන අලුතෙන් නිෂ්පාදනය කරපු සමාජ මාධ්‍ය අපි දැක්ක. ඒ ගොල්ලන්ටත් උදව් කරන්න අපේ දේ අගයන අපේ මිනිස්සුන්ව හුරු කරමු .එතකොට තමයි රටක් හැටියට නැගිටින්න පුළුවන්
වාහන ආනයනය කිරීම මුලුමනින්ම නතර කොට දේශීයව මෙලෙස නිෂ්පාදනය කරනු ලබන වාහන භාවිතා කළ යුතු බවට නීතියක් ඇති කරන්න. අඩු මිලකට ලබා දෙන්න. නැත්නම් දේශීය කිරිපිටිත් විදේශීය කිරිපිටිත් සමාන මිලට අලෙවි කිරීම හා සමාන වේවි.
ලෝකෙ තියෙන කැතම වාහනය වීරවංශට හොඳයි..