IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මුලතිව් වී ගබඩාව යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරයි

(ප්‍රදීප් කුමාර)

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි වසර ගණනාවක් වසා දමා තිබු වී ගබඩාවක් ශුද්ධ පවිත්‍ර කර යළිත් වී ගබඩා කළ හැකි අයුරින් ප්‍රතිසන්සකරණය කිරීමට මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

මුලතිව් පුදුකුඩි ඉරිප්පු තිම්මිලි ප්‍රදේශයේ පිහිටි මෙම වී ගබඩාව පසුගිය කොරෝනා උවදුරෙන් පසු වසා දමා ප්‍රයෝජනයට නොගෙන තිබේ.

එම කාලසීමාව තුළ වී ගබඩාවට වී මිලදී ගැනීමක් ද සිදු කර නොමැති බව අනාවරණය වේ.

මුලතිව් පුදුකුඩිඉරිප්පු කයිවේලි ප්‍රදේශයේ ස්ථාපිත 593 වන බල සේනාවේ 59 වන සේනාංකයේ යුධ හමුදා සෙබළුන් විසින් මෙම වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානය යළි ප්‍රතිස්ථාපනය සදහා පියවර ගෙන තිබේ.



අදහස් (5)

මුලතිව් වී ගබඩාව යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරයි

යෝගා Tuesday, 21 January 2025 11:03 AM

කලින් ආණ්ඩු හමුදාව ඔය වගේ වැඩ වලට යෙදෙව්වහම රණවිරුවන් කුණු අදින්න දැම්මා කියලා කිව්වා.

:       49       116

පාඨකයෙක්Tuesday, 21 January 2025 12:03 PM

අතීතය අමතක වී නැති අය තවමත් සිටීම සතුටට කාරණාවකි. මීට වසර 25කට පමණ පෙර මැතිවරණ සමයේදී දුටු පෝස්ටරයක වදනක් මට මතක්වෙයි: 'අපිටත් දෙන්න, ටිකක් රට කන්න!" කවුරු බලයට පත් වුවත්, තිත්ත ඇත්ත එයයි.

:       3       12

fairoos Tuesday, 21 January 2025 11:19 AM

වැඩක් වෙනවා නම් හොඳයි, නැත්නම් පුද්ගලික අංශයට කුලියට දුන්නා නම් හරිනේ

:       19       33

චන්දිම ෆොන්සේකා Tuesday, 21 January 2025 11:40 AM

යෝගෝ කලින් ආණ්ඩු රණවිරුවන්ව යොදා ගත්තේ තම තමන්ගේ ගෙවල් වල වතුවල බංගලා වල වැඩ කර ගන්න. මේ මිනිස්සු මේ කරන්නේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න තියෙන වී ටික ගබඩා කරගන්න. ඔය දෙක තේරුම් ගන්න හරියට හිතලා. මේක කුලී වැඩක් නෙමෙයි යම් කිසි ප්‍රමිතියකට කරන වැඩක්. පිට මිනිස්සු දාලා කරන්න ගියොත් වැඩේ තව කල් යනවා. ඔය වී හාල් වැඩේ නිදහස් වෙළද පොලේ කරන්න අපේ රටේ වගේ හොඳ මිනිස්සු නැති නිසා අකමැත්තෙන් හරි ආණ්ඩුවට යම් වැඩ කොටසක් කරන්න වෙලා තියෙනවා. මොකද මේ උදේ හවා බන කියවෙන අසන රටේ වී හාල් බිස්නස් එක කරන්නේ අධම ව්‍යාපාරිකයන් පිරිසක්. නැත්නම් බඩ ගින්නට මිනිසුන්ට බත් කන්න තියෙන හාල් ටිකට හැම අවුරුද්දෙම මොකක් හරි ජරා වැඩක් කරලා හංගල එහෙම නැත්නම් බියර් වගේ වෙන මොනවහරි වැඩකට යවලා හිඟයක් ඇති කරලා මිල වැඩි කරලා ගසා කනවා. මිනිස්සුන්ට බත් ටික සාධාරණ මිලට හාල් දෙන්න ඔවුන් කටයුතු කරනවානම් ඔය ගබඩා පුද්ගලික අංශයට දෙන්න පුළුවන්. එත් ඔවුන්ව කාටද විශ්වාස කරන්න පුළුවන් මෙතෙක් කල් කරපු අශිෂ්ට වැඩ දැක්කම.

:       45       25

පාඨකයෙක්Tuesday, 21 January 2025 12:35 PM

මමනම් ඕනෑ තරම් දැකලා තියෙනවා ත්‍රිවිද හමුදාවේ සහ සිවිල් බලකායේ අය පොදු ස්ථානවල පිරිසිදු කිරීම්, පිලිසතර කිරීම් කරනවා. උදාහරණ විදිහට කියනවානම්, විහාර මහා දේවි උද්‍යානය දිනපතා පිරිසිදු කිරීම සිවිල් බලකායෙන් කළා. රූපවාහිනී සංස්ථාවට යාබද පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ වැඩ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කළා. නොදන්නවානම්, ඒ අවට දිනපතා ආගිය අයගෙන් අහලා දැනගන්න.ජපානයේ පාර අතුගාන සේවකයන් පවා ටයි පටියක් පැළඳගෙන බොහෝම අභිමානයෙන් තමන්ගේ කාර්යය කරන බව ජපානයේ සංචාරය කරපු කෙනෙක් කීවා. වඩාත් වැදගත් වෙන්නේ තමා කරන වැඩේ පිළිබඳව තමා තුළ තිබෙන ආකල්පයයි.

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site