
(තිලකරත්න දිසානායක සහ චතුරංග චන්ද්‍රසේකර)
කොළඹ - මහනුවර මාර්ගයේ කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරුට මගියක් පා පහරක් හේතුවෙන් බස්රථය පාලනය කර ගත නොහැකිව පෙරලී ගොස් ඇත.
පහරදීම සිදු කළ තැනැත්තා සහ බස් රථයේ රියදුරු අතර මුදල් ගනුදෙනුවක් තිබී ඇති අතර යතුරු පැදියකින් පැමිණ බසයට ගොඩවී දෙදෙනා අතර බහින්බස් වීමක් දුරදිග ගොස් රියදුරාට පහරදීමේදී බසය ඇදී ගොස් පෙරලී ඇති බව අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි.
ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී බසය පෙරලී ගිය අවස්ථාවේ එහි මගීන් සිට නොමැති බවත් බසය පෙරලී යාමෙන් තුවාල ලත් බස්රථයේ රියදුරා සහ පහරදීම සිදු කළ තැනැත්තා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් හබයක් දුරදිග යයි:බසය වෙලට යයි