
(ගයාන් සූරිය ආරච්චි)
බලපත්‍ර සහිතව සතුන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් නවතා සත්ත්ව හිංසාව යටතේ නඩු පවතින බවට බියගන්වා රුපියල් එකොළොස් දහසක මුදලක් බලෙන් ලබාගත් බව කියන පොලිස් සැරයන් දෙදෙනෙක් සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක් කර වීරවිල පොලිසියට අනුයුක්තව රාජකාරිය කළ පොලිස් සැරයන් දෙදෙනෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙකි.
මෙම නිලධාරින් සිව්දෙනා ඉකුත් (10) දින වීරවිල හුළංනුගේ ප්‍රදේශයේදී සතුන් ප්‍රවාහනය කරමින් තිබූ බලපත්‍ර සහිත මෙම ලොරි රථය නවතා පරීක්ෂා කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
එහිදී මෙම නිලධාරීන් ලොරි රථයේ සිටි පුද්ගලයන්ට සත්ව හිංසාව යටතේ නඩු පවරන බවට බියගන්වා මෙම මුදල් බලෙන් ලබාගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.