
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙක් තීරණය කර තිබෙි.
මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ නම හෙට (3)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත් කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ,එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ වල එකඟතාවය පළ වී ඇතැයි ද අනුරාධ ජයරත්න මහතා කීය.
ආචාර්ය හර්ෂද සිල්වා මහතා මීට පෙර දෙවතාවක් මුදල් කාරක සභාවේ සභාපති ධුරය හොබවා ඇත.
COMMENTS
2015 -2019 අහෝ ඛේදයකි... ඉරකි. තිතකි.
සුදුසුකම් තියෙන ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමාව පත්කරන්න. නැත්නම් ආණ්ඩුවට අරගෙන එතුමාට ස්වර්ණාභරණ අමාත්‍යකම දෙන්න. සුදුස්සාට සුදුසු තැන කවදා නම් ලැබෙයිද?
වේලාසනින්ම එහෙම තීන්දුවක් ගත්ත එක හොඳයි. මතකනේ ගියපාර සිලින්ඩරේ කට්ටිය සීයත් එක්ක එකතුවෙලා හර්ෂගේ නම යෝජනා කලාම, මයන්තව දාල නටපු නැටුම.
විනාසයක්.
දේශපාලන කණ්ණාඩි ගලවා දමා විපක්ශයේ ඇතැම් පක්ශ මෙන් අවස්තාවාදී නොවී රට ගොඩ නැගීමේ රජයේ අවංක උත්සාහයට සහය දෙන්න. නැතිනම් පොදු ජන බලය ඔබසැමට දඬුවම් දේවි