(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මරික්කාර් බිය ,හිරුණිකා බිය,රෝසි බිය තිබුනත් එය තුන් බිය නො වේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කී කතාවකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ට සහභාගී වෙමින් මුජුබුර් රහුමාන් මහතා පැවසූයේ දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තුන්බිය වැළඳී ඇති බවයි.
එම කතාවට පාර්ලිමේන්තුවේදී පිළිතුරක් ලබා දෙමින් ජනාධිපතිවරයා මෙසේද කීය.
ජනාධිපතිතුමා ගේ සිතේ තුන්බිය ඇති වී ඇතැයි මුජුබුර් රහුමාන් මහතා පැවසුවා.තුන්බිය පුද්ගලයෙකුට හැදෙන්න බෑ.තුන්බිය ඇති වුණේ විශාලා මහනුවර. එය ජනතාවට ඇතිවුණු දෙයක්.රෝග බිය මරණ බිය ,අමනුෂ්‍ය බිය, එය ජන සමූහයකට ඇතිවෙන්න පුළුවන්. එතුමාට එය පැහැදිලි කර ගන්න රතන සූත්‍රය ට ඇහුම්කන් දෙන්න.
කිසිවිටෙක පුද්ගලයෙක්ට තුන් බිය හැදෙන්නේ නැහැ '

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝසි බිය? අපෝ මෙයා එයාටත් බයෙන්ද ඉඳලා තියෙන්නේ? අවුරුදු 40 ක් දියවන්නාවේ පොල්ගෑවද? රටට කරපු සත පහක දෙයක් තියෙනවද?
තුන් බිය මෙසේය අට පාස් ලමයිනේ...... කොටි බිය.... පාස්කු බිය.... ඩොලර් බිය...
වටේ ඉන්න ආරක්ෂකයෝ නැතුව තනියෙන් පාරකට බැහැලා බලන්න තුන් බියේ ආතල් එක කොහොමද කියලා.