(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ත්‍රස්තවාදයට මුදල් සැපයීම ලංකාවේ බහුලව සිදුවූ නමුත් දැන් ඒවා වලක්වා ගන්න කටයුතු කර තිබෙන බව මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මෙරට සමාගම් පණත නවසීලන්ත සහ කැනඩා නීතිය පදනම් කරගෙන සංවර්ධනය වූ පනතක්.කෙසේ වුවත් අප රටේ සමාගම් නීතියේ වර්ධනයක් අපට දකින්න තිබෙනවා. ඒ වර්ධනය තවදුරටත් පුළුල් කරමින් මේ සංශෝධනය ඉදිරිපත් කරනවා.ගෝලීය වශයෙන් ත්‍රස්තවාදය වැලැක්වීම සඳහාත් මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සඳහා නිර්දේශ දෙන ආයතනය විසින් ලෝකයේ රටවල් වලට නිර්දේශ 40ක් ලබාදී තිබෙනවා.එම නිර්දේශ නිර්දේශ වලින් 39ක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.නමුත් චෞර ආණ්ඩු වලට නීති වලින් පැන යන්න ඕන නිසා 24 වන නිර්දේශය ක්‍රියාත්මක කරන්න පියවර ගත්තේ නෑ.අප ආණ්ඩුව පැමිණ ඒ නිර්දේශ ක්‍රියාත්මක කරනවා.සමාගම් වල අවසන් ප්‍රතිලාභ හිමිකරුවන් මින් ඉදිරියට හෙළිදරව් කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මීට පස්සේ ත්‍රස්තවාදයට මුදල් සපයන්න බෑ
ටිල්වින් සීයා Wednesday, 23 July 2025 05:19 PM
ඒ සියලු මුදල් අපේ පක්‍ෂ අරමුදලට එවන්න. අවශ්‍ය සංවිධාන වලට සුලු කොමිස් මුදලක් තියාගෙන අපි සපයන්නම්. අවුරුදු 60ක පලපුරුද්දක් තියෙනවා.
සුමතිපාල Wednesday, 23 July 2025 09:51 PM
ඒකියන්නෙ පැලවත්තෙ අරමුදලටත් මින්පසු තහනම්.....