IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


මිත්‍යාව පතුරවන්නන්ට දැඩි දඬුවම්

(සුජිත් හේවාජුලිගේ )

මිත්‍යාදෘෂ්ටික මත පතුරුවමින් ජනතාව සියදිවි හානි කර ගැනීම් හෝ වෙනත් විෂමාචාර ක්‍රියා සඳහා පොළඹවන  ඊනියා දේශකයන්  හෝ පුද්ගලයන්ට  දැඩි  දඬුවම් පැමිණවීම සඳහා නව අණ පනත් සම්මත කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ අතර ජනතාව අතරේ  මිථ්‍යා මත පතුරවමින් සියදිවි හානි කර ගැනීම් සඳහා පෙළඹවූ බව කියන  මාලඹේ දේශකයා සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳව  කරුණු සොයා බැලීම සඳහා  විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්   පත් කරනු ලැබ සිටිති.

මේ සම්බන්ධයෙන් අප අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැනටමත්  යම් යම් නීති පවතින බවයි.

එසේම සියදිවි හානි කර ගැනීම සඳහා ප්‍රයත්න දරා බේරෙන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන  පවතින බව හෙතෙම සඳහන් කළේය.



අදහස් (14)

මිත්‍යාව පතුරවන්නන්ට දැඩි දඬුවම්

Siri Sunday, 07 January 2024 04:08 PM

බොරු බේගල් දෙසාබාලා ජනතාව රවට්ටන කපටි කයිරාටික මිනිස්සුන්ට ඊටත් වැඩි ජීවිතේට අමතක නොවෙන දැඩිම දැඩි දඬුවම් දෙන්න ඕනෑ...!

:       0       21

රංබොඩ Sunday, 07 January 2024 04:21 PM

මෙවැනි දේශන සඳහා වම් නියාමනයක් රට තුළ තිබිය යුතුමයි. නැත්නම් මෝඩ ජනතාව තමන් විසින්ම නැහෙනවා...

:       1       12

Bamunuarachchi Sunday, 07 January 2024 07:21 PM

බෞද්ධ දර්ශනය හැරෙන්න අනෙක් සියළුම ආගම් පතුරවන්නේ මිථ්‍යාදෘෂ්ටිය. මුස්ලිම් දේශනාවේ කියනවා අල්ලාහ් වෙනුවෙන් ජීවිතේ පූජාකරන අය.. කෙලින්ම ස්වර්ගෙට යනවා කියලා. ඒ නිසයි ලෝකේ පුරාම මුස්ලිම් කාරයෝ ආගම නිසා යුද්ද ඇති කරන්නේ. ඒ දේශනාවෙයි ස්වර්ගෙට යන්න වහ බොන්න කියන දේශනාව අතර වෙනසක් නැහැ. ආගම නිසා ඔවුනොවුන් මරා ගන්නවා... මදිවට අන්‍ය ආගමිකයින් පවා මරනවා...!

:       18       9

Sharm Sunday, 07 January 2024 10:19 PM

අනේ මන්ද බුද්ධික බමුණෝ... කියවලා බලපන් ස්වර්ගෙට යන්නද සෝවාන් ඵල බලන්නද දිවි නසාගෙන තියෙන්නේ කියලා... උඹලා වගේ කාලකණ්නි මෝඩ මූසලයන්ට පින් සිද්ධ වෙන්න තමයි මේ රටට මෙච්චර කෙල වෙලා තියෙන්නේ

:       0       0

Bamunuarachchi Tuesday, 09 January 2024 10:39 AM

හම්බයෙකුට තදවෙලා වගෙයි. මම කිව්වේ බොරුද?

:       2       0

Nimal SilvaMonday, 08 January 2024 02:46 AM

ආගමික මූලධර්මවාදය යන වදන ඇසුණු සැනින් ශ්‍රී ලාංකේය ජන සමාජයේ බොහෝ දෙනකුගේ මනැසට නැගෙනුයේ ඉස්ලාමීය ආගමික මූලධර්මවාදය පිළිබඳව පමණි. එහෙත්, සෑම ආගමක් කෙරෙන්ම මෙම මූලධර්මවාදී ක්‍රියා අඩුවැඩියෙන් දක්නට පුළුවනි. 1995 වසරේ ජපානයේ තෝකියෝ නුවර උමං මාර්ගයක්තුළ විෂ වායුවක් පතුරුවා හැරීමෙන් මිනිස් ජීවිත දහතුනක් අකාලයේ වනසා හය දහසක් රෝගී කොට 2018 ජූලි 06 වන දා මරණ දඬුවමට යටත් වූ ඕම් ෂින් රිකෝ නම් නිකායක් පිහිටුවාගෙන සිටි සෝකෝ අසහාරා බෞද්ධ මූල ධර්මවාදියෙකි. එහි ශාඛාවක් අප රටේ ද තිබූ බවට එවක වාර්තා විය. මෙම මූලධර්මවාදය පදනම් කරගත් විවිධ ආගමික කණ්ඩායම් හෙවත් කල්ලි (Cult) ලොව සෑම ආගමික සංස්ථා ව්‍යුහයක් තුළින්ම පැන නගින්නට පුළුවනි. වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය තුළින් ජනකාන්ත ප්‍රතිරූප ගොඩනංවාගෙන ඉස්මතුව හිඳින ඇතැම් භික්ෂුන්ගේ ක්‍රියාකාරකම් විමසීමේදී ඒ තුළින් ද මෙම ආගමික කල්ලි ලක්ෂණ දක්නට ලැබෙන බව මනාව නිරීක්ෂණය කළ හැක.

:       0       4

Bamunuarachchi Tuesday, 09 January 2024 10:56 AM

නිමල් බෞද්ධ මුලධර්මය කරගෙන ජීවත් වෙනවා නම් ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. අපි මුස්ලිම් මුලධර්ම ගැන කථා කොරන්නේ ආගමික නායකයාම දේශනා කර තිබෙන දේවල්නිසයි. මුස්ලිම් මුලධර්ම නිසයි ඉස්ලමික ත්‍රස්තවාදය ලෝකේ ඇතිවෙලා තිබෙන්නේ. සෝකෝ අසහාරා මෙහෙ රුවන් ප්‍රසන්න වගේ ආගම උන්ට ඕන විදිහට හරවා ගන්න හදපු එවුන්. එවන්න මිනිස්සු නිසයි බෞද්ධ ඉතිහාසයේ පලවෙනි සංගායනාවත් කලේ. මුස්ලිම් ත්‍රස්තවාදයයි සෝකෝ අසහාරා ගේ මෙහෙයුමයි දෙකක්. අපි බෞද්ධ මුලධර්ම පිළිපදිමු ඉන් ලෝකෙට කිසිම හානියක් වෙන්නේ නැත.

:       2       1

සෙනෙවිරත්න Sunday, 07 January 2024 07:54 PM

ඇතැම් ස්වාමීන් වහන්සේලාත් කරන්නේ ඕකමයි. නිවන එලොව සැප, දිව්‍යලෝක අපාය ගැන දොඩවලා මිනිස්සුන්ගේ මොළ කන අයට ඔය දඬුවම දෙන්න ඕනෑ...!

:       3       5

Chandrika Sunday, 07 January 2024 08:54 PM

අද අදම මේවාට සම්බන්ධ පුද්ගලයින්ට මෙන්ම එවැනි මතවාදවලට නිසි දඬුවම් නොදුනහොත් අතු ඉති සිසාරා ගොස් කපා හෙලීමට නොහැකි තරමටම බහුල වේවි. ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ඉතාමත් ඉක්මණින් දැඩි දඬුවම් ක්‍රියාත්මක කරනා ලෙසටයි. නැතහොත් මතු පරපුර මිත්‍යාව බුදු දහම සේ සලකමින් අති බිහිසුණු ක්‍රියාකාරකම්වල නිරත වීම කෙසේ නම් වළකානම්ද?

:       0       0

Sharm Sunday, 07 January 2024 10:20 PM

මොනවද දන්නෑ දැඩි දඬුවම්?? මෝඩ මූසල පාදඩයෝ...

:       0       1

චන්දන Monday, 08 January 2024 08:43 AM

ඔක්කොන්ටම කලින් එහෙනම් විජේදාසට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. තමුන්ම නෙද කිවුවේ ලංකාවෙ අය විදෙස් රට වල කෝටි ගණන් සල්ලි හංගලා කියල. දැන් තමුන් අධිකරණ ඇමති. ඒ කතාව ඇත්ත නම් කෝ ඒ සල්ලි ගේන්න ගත්තුක්‍රියා මාර්ග? එක්කො තමුන් සමාජය නොමග යවන්න බොරු කියල. නැත්නම් හොරු ටික රකිනව.

:       0       3

Bamunuarachchi Wednesday, 10 January 2024 05:36 AM

චන්දන මෙතන සල්ලි මගුලක් නොවෙයි මිනිහෝ කථා කොරන්නේ. මිත්‍යා මත පතුරුවීම ගැන. 5 පාස් වෙලාද කියලත් සැකයි.

:       0       0

Bamunuarachchi Tuesday, 09 January 2024 11:06 AM

බෞද්ධ මුලධර්ම යයි බෞද්ධ ආගම එක එකාට ඕන විදිහට අදහීමයි කියන්නේ දෙකක්. ධර්ම දේශනා වලින් කියන්නේ බෞද්ධ මුලධර්ම අනුගමනය කරන්න කියලා. බෞද්ධ මුලධර්මය සියළුම දෙනාට මෛත්‍රී කරන්න කියන එක තරුනාද Nimal මුස්ලිම් මුලධර්ම අනුගමනය කරන අයට ආගමෙන් කියන්නේ අල්ලා විස්වාස නොකරන මිනිස්සු මරා දමපල්ලා, ජිහාඩ් කරපල්ලා කියලා. ඔන්න වෙනස.

:       2       1

Nimal SilvaWednesday, 10 January 2024 01:24 AM

අනේ තොගේ - මෙම ලිපිය කියවන්න. මමත් බෞද්ධයෙක්. හැමෝම හිතන්නේ තමන්ගෙ ආගම හොඳම කියල .අනිත් අය පහත් කියල. එය පක්ෂග්‍රාහී දැක්මකි - දූපත් මානසිකත්වය තුළ ඉතා ප්‍රමුඛ වේ. එය මූලධර්මවාදයේ ද ලක්ෂණයකි. විකිපීඩියා —> බුද්ධාගම_සහ_ප්‍රචණ්ඩත්වය

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අධ්‍යාපනය නංවන්න විදෙස් සරසවි සමග ගිවිසුම් හයක්
2024 අප්‍රේල් මස 29 7 0

උසස් අධ්‍යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල සහ නියෝජිතායතන අතර ගිවිසුම් හයකට එළඹීමට රජය තීරණය ක


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු
2024 අප්‍රේල් මස 29 9 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ


ගාසා ළමා අරමුදලේ කාලය දිගු කරයි
2024 අප්‍රේල් මස 29 49 0

ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායක විය හැකි කාලය මැයි 31 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


පරාතේ තහනම මැතිසබයට
2024 අප්‍රේල් මස 29 192 0

බැංකු විසින් නිකුත් කෙරෙන ණය වෙනුවෙන් උකසට ගන්නා දේපළ වෙන්දේසියේ විකිණීම ( පරාතේ නීතිය) අත්හිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති බැංකු විසින් ප්‍රදානය කරන ලද


පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි
2024 අප්‍රේල් මස 29 177 0

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


ගොවිතැන හදන්න නොමිලේ දුන් බඩු විකුණලා
2024 අප්‍රේල් මස 29 173 0

තරුණයන් කෘෂිකර්මට ආකර්ෂණය කර ගැනීම සඳහා ඇරැඹූ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට නොමිලේ දුන් කෘෂි උපකරණ විකිණූ පවුල් වලට මින් පසු කිසිදු ප්‍රතිලාභයක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1777 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1609 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site