IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


මැතිසබයේ තවත් අනංගයෙක්

(සුජිත් හේවාජුලිගේ)

කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ වී ඇති බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

එම නිලධාරියා සේවක සේවිකාවන්ට උසස්වීම් පිරිනැමීමේදීත්  අදාල අංශයට අලුතින් සේවිකාවන් බඳවා ගැනීමේදීත්  ලිංගික  අල්ලස් ඉල්ලා දිගින් දිගටම  බලපෑම් කරන  බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු මේ සම්බන්ධයෙන්  විමර්ශන ආරඹා ඇත.

ඇතැම් සේවිකාවන් මේ සම්බන්ධයෙන් ලිඛිතවම කරුණු  ඉදිරිපත් කර  ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර රූමත් සේවිකාවන් පිරිසකට ලිංගික අඩන්තේට්ටම් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් පිරිසකට විරුද්ධවද පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මෙයට පෙර  විනය ක්‍රියාමාර්ග ගැනිණ.



අදහස් (5)

මැතිසබයේ තවත් අනංගයෙක්

සඳුන් Saturday, 25 May 2024 12:12 PM

භූමි දෝෂයක් වගෙයි.

:       0       11

ravin Saturday, 25 May 2024 01:06 PM

කොහොමත් ඔය ආයතනය දූෂණය, වංචාව, හොරකම, ස්ත්‍රී දූෂණය ආදී මෙකී නොකී සියලු අකටයුතුකම් වලින් පිරිච්ච තැනක් විත්තිය නොදන්නේ නොඉපදුණු දරුවන් පමණයි.

:       0       15

Rohana Saturday, 25 May 2024 01:31 PM

තමන්ගේ මල්ලියා පාලනය කරගන්න බැරිව රාජකාරියවත් හරි ආකාරව කරන්නේ කොහොමද?

:       0       10

ගමේ එකාලා Saturday, 25 May 2024 01:57 PM

අනන්ගයා නම් මොකෝ... ඔයිට වැඩිය අන්ත ජරා වැඩකරපු අයත් ඔතැන ඉන්නේ?

:       0       15

sk Sunday, 26 May 2024 09:49 AM

ඔතනට යන අය වගේම තමයි නිලධාරිනුත්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දියණියට වැසිකිළි පිරිසිදුකාරකයක් පොවන්න ගිය පියා අත්අඩංගුවට
2024 ජුනි මස 25 71 0

සිය හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු අත් අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පැවසීය .


ඝාතනයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
2024 ජුනි මස 25 203 0

ගෝනා පීනුවල ප්‍රදේශයේ නිවසක තනිව විසූ කාන්තාවක ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගෝනා පීනුවල පොලිසිය පවසය


සඳෙන් පස් අරන් චීන යානය එනවා
2024 ජුනි මස 25 699 0

සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත.


අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට
2024 ජුනි මස 25 772 0

‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙලි කළ බව ඇමෙරිකන් අධිකරණය හමුවේ පිළිගැනීමට තමන් සූදානම් බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාත


බස්නාහිරට - වයඹට තද වැසි
2024 ජුනි මස 25 484 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ලක්ෂ 10 සිද්ධියෙන් සන්නස්ගල නිදහස්
2024 ජුනි මස 25 1215 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 235 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1446 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3221 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site