(සුමිත් පොතුපිටිය )
පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පදිංචි දී 19 හැවිරිදි තරුණයෙකුට කඩුවකින් පහරදී ඝාතනය කිරීම සහ 24 හැවිරිදි වැඩිමහල් සොහොයුරා ගේ මුඛ ප්‍රදේශයට කඩුවකින් පහරදී මාරාන්තික තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මාදුපිටිය මනුෂ්‍ය ඝාතන නඩුවේ දෙවන ව්ත්තිකරු වරදකරු කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් අද (20) චූදිතට මරණ දඩුවම නියම කලේය.
කලක් පානදුර මහවිල ප්‍රදේශයේ පදිංචිව සිට ඉන් පලාගොස් හලාවත, ඉහළ වීරකොඩියාන ප්‍රදේශයේ පදිංචිව සිටී කුරුප්පු ආරච්චිගේ චින්තක මධුභාෂණ නමැති 38 හැවිරිදි පුද්ගලයකු හට මෙසේ මරණ දඩුවම් නියම කෙරිණි.
චූදිත 2015 අගෝස්තු මස 10 හෝ ඊට ආසන්න දිනකදී පානදුර මහවිල ප්‍රදේශයේ දී බොකරගොඩ ගමගේ පසිදු මධුෂාන් යන අයගේ ගෙලට කඩුවකින් පහරදී ඝාතනය කිරීම සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන බොකරගොඩ ගමගේ චතුරංග යන අයගේ මුඛ ප්‍රදේශයට කඩුවකින් පහරදී මාරාන්තික තුවාල සිදුකර ඇති බැවින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසු නීතිපති වරයා ව්සින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි .
නඩුව විභාග වන අතරතුර මහාධිකරණය මගහැර සිටී අතර, චූදිත නොමැතිව පසුගිය ජනවාරි 31 දින වරදකරු කරමින් මරණ දඩුවම නියම කර තිබුණි.
ඉන්පසු ඔහු හලාවත, ඉහළ වීරකොඩියාන ප්‍රදේශයේ පොල්වත්තක සැගව සිටියදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන පානදුර මහාධිකරණයට ඉදිරිපත් කර තිබූණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මාදුපිටිය මනුෂ්‍ය ඝාතන නඩුවේ චූදිතයා පෝරකයට