IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

උදෑසන සිට නොකඩවා ඇද හැළුන මෙම වැසි තත්වයත් සමග පුත්තලම කොළඹ මාර්ගය තිල්අඩිය, කරිකට්ටිය, මදුරන්කුලිය, කිරියන්කල්ලිය, බත්තුළුඔය ඇතුළු ප්‍රදේශ වලින්ද පුත්තලම අනුරාධපුර මාර්ගය සිරම්භිඩිය,හයේ කනුව, ඇතුළු ප්‍රදේශ වලින්ද,පුත්තලම කුරුණෑග මාර්ගය තුනේ කනුව ,හයේ කනුව ,ගල්කුලම,ආණමඩුව ඇතුළු ස්ථාන වලින් යටවි ඇති බව ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

මෙලෙස මාර්ග ජලයෙන් යටවිමට හේතු වි ඇත්තේ වැව් වාන් දැමිමත් සමග ගලා ආ ජල කදින් බව කියයි.

ඒ සමගම පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්. පි.හේරත් මහතා පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයෙ නිවාස විශාල සංඛ්‍යාවක් මේ වන විට ජලයෙන් යටවි ඇති බවට ප්‍රාදේශීය ලේකම් වරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව සිටින ආපදා සහන නිළධාරීන් මගින් තොරතුරු ලබා ගන්නා බවයි.

මාර්ග ජලයෙන් යටවිමත් සමග ගමනා ගමනයට දැඩි බාධා එල්ලවි තිබු බව කියයි.



අදහස් (0)

මහ වැස්සෙන් පුත්තලමත් යටවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 378 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site