IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මහ වැස්සෙන් 7ක් මරුට - 1976ක් පීඩාවට

(ඩයනා උදයංගනී)
            
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශ ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැසකට දින දෙකක් තිස්සේ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් මේ වන විට හත්දෙනෙකු මියගොස් පවුල් 496කට අයත් 1976 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
            
ගිනිගත්හේන මහනුවර ප‍්‍රධාන මාර්ගයේ කොටසක් වෙළඳසැල් 10ක්ද සමඟ අද (19) අලුයම නාය යාම හේතුවෙන් ඊට හසුවූ එම වෙළඳසැලක සිටි ව්‍යාපාරිකයෙක් මියගොස් ඇත. 
            
සූරියවැව ප‍්‍රදේශයේදී ත‍්‍රීරෝද රථයක් මතට අද (19) පස්වරුවේ ගසක් කඩාවැටීම හේතුවෙන් 31 හැවිදිරි කාන්තාවක්, ඇගේ දියණිය සහ තවත් දැරියක මිය ගොස් තිබිණි.
            
හැටන්, ආගරපතන ටොරින්ටන් තේ වත්ත ප‍්‍රදේශයේ දිය පහරකට හසුව ගසාගෙන යෑමෙන් ඊයේ (18) දිනයේදී දැරියන් දෙදෙනෙකු මිය ගොස් ඇත.
            
මීට අමතරව මහනුවර මහියංගණය මාර්ගයේ ඔරුතොට ප‍්‍රදේශයේදී යතුරු පැදියක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් 29 හැවිරිදි තරුණයෙක්ද මරණයට පත්ව තිබේ.
            
කළුගගේ ජල මට්ටම ඉහළ ගොස් රත්නපුර ප‍්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා ඇතිවූ ජල ගැලීම් නිසා අද (19) දහවල් වන විට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහයක  පවුල් 331කට අයත් 1250ක් පමණ ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
            
නුවරඑළිය දිස්ත‍්‍රික්කයේද මහ වැසි සමඟ ඇතිවූ ජලගැලීම්, තද සුළං, පස්කඳු කඩාවැටීම් හා නායයෑමේ අවදානම් හේතුවෙන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක පවුල් 165කට අයත් 726 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (3)

මහ වැස්සෙන් 7ක් මරුට - 1976ක් පීඩාවට

SL Friday, 19 July 2019 02:30 PM

මොනා කියන්නද තේරෙන්නේ නැහැ. අහිංසක මිනිස්සු නියන්ගෙන් පීඩා විඳලා වැස්සෙන් හුළගෙන් මියයනවා. පොඩි කෙල්ලොන්ට මෙවන් අකල් මරණයක් නැවත නොලැබෙන සැපවත් ආත්මයක උපදින්න පින් ලැබේවා...

:       0       21

ajith Saturday, 20 July 2019 02:25 AM

හරි අධ්‍යනයක් කරනවානම් ස්වභාවික ව්‍යසන වලින් වෙන විනාසය අඩු කරගන්න පුළුවන්. මෙච්චර ඉංජිනේරුවෝ ඉන්න රටේ තාම මේවගේ දෙයක් කරගන්න බෑ.

:       0       0

ravi Saturday, 20 July 2019 05:58 AM

මෙවැනි පීඩාවන්ගෙන් වැළකීමට.. ලෝකයේ ධනවත් සහ බුද්ධිමත් රටවල් වලටද නොහැකිවීම කණගාටුවට කරුණක්... සමහරවිට මෙයද , පුංචි පටන්ගැනීමක් විය හැකියි.. "" ලෝක මහා කාලගුණ විපර්යාසයන් "" අපි ඉස්සරට වැඩිය හුඟක් කාලගුණය සහ එහි වෙනස්වීම් ගැන කලපනාකාරී වියයුතුයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 347 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1631 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site