
(ඤාණදාස රන්මුතු සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරය)
හික්කඩුව මුහුදේ කැනෝ වර්ගයේ යාත්‍රාවක නැගී මුහුදේ විනෝදවෙමින් සිටියදී එම යාත්‍රාව පෙරලී විදේශ සංචාරක යුවළක් සහ ඔවුන්ගේ අවුරුදු දෙක හමාරක් වයසැති කුඩා දරුවා මුහුදට ඇද වැටී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් අද දහවල් දොළහට පමණ බේරා ගත් බව හික්කඩුව සංචාරක පොලීසිය පවසයි.
මෙම විදේශ සංචාරකයන් පිරිස අනතුරකට ලක්වී ඇති බව දුටු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා මුහුදට පැන මීටර් හාර සියයක් පමණ දුරක් පීනා ගොස් අනතුරට ලක්ව සිටි එංගලන්ත ජාතික විදේශීය සංචාරකයන්ගේ ජීවිත ජීවිත බේරා ගත් බව එම පොලිස් නිලධාරීන් අප සමග පැවසුවේය.
පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක හේවගේ, උප පොලිස් පරීක්ෂක සිරිමල්, පොලිස් කොස්තාලප්වරුන් වන සමන් ( 81212) හුලංගමුව ( 87306) යන පොලිස් නිලධාරීන් සහ ඒ.එන්.පී.ලංකා සහ ඩබ්ලිව්. එන්.එම්.ඒ.අයි.වන්නිනායක යන වෙරළ ආරක්ෂක නිලධාරීන් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරීන්ට 1500CC තරමේ වත් එන්ජින් ධාරිතාවක් ඇති Jet Ski වැනි දිය මත යන මෝටර් සයිකල් ලබා දෙන්න. ගිලෙන ජීවිත වඩා ඉක්මනින් රැක ගැනීමට එය උපකාරී වනු ඇත. එසේම පිහිනා යන අතරතුර ජීවිතාරක්‍ෂක නිලධාරීන්ට විය හැකි අනතුර ද අවම කර ගත හැකි ය. ඔවුන් ද අඹුදරුවන් සහ මාපියන් රකින මිනිසුන් නිසාවෙනි. සංචාරක කර්මාන්තය දියුණු කරන්නට සැබෑ උවමනාවක් ඇත්නම් මේ සඳහා යන වියදම ඉතා සුළු වියදමක් පමණි.
හම්මෝ, යාන්තම් සුදු නංගිව බේරාගෙන...
සංචාරක ව්‍යාපාරයට අත - හිත පුරාවටම ලකුණු. ඇත්තෙන්ම විශිෂ්ඨයි.
නියමයි. ශ්‍රෙෂ්ඨ වැඩක්