(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල කඩවත පාර පැරකුම් මාවත හැරෙන හන්දිය අසලදී සුඛෝභෝගි මෝටර් රථයක් පැදවූ කාර්මික ඉංජිනේරුවරයා තිදරු පියකු වූ යතුරුපැදිකරුවෙකු හිතා මතා අනතුරට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පෙෂර් ඇවිනිව් හි පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු පැදවූ මෝටර් රථයට යට වීමෙන් මියගොස් තිබුණේ මොරටුව කටුබැද්ද පි බි අල්විස් පෙරේරා මාවත අංක 70/21 හි පදිංචිව සිටි ඩි රංජිත් නැමැති 52 හැවිරිදි තිදරු පියෙකි.
කළුබෝවිල ශීක්ෂණ රෝහල ආසන්නයේදී මියගිය පුද්ගලයා පැදවූ යතුරුපැදිය මෝටර් රථයේ ගැටීමට යාමේදී දෙදෙනා අතර මහමඟදී ආරවුලක් හටගෙන තිබී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.