
(චාපා මධුභාෂිණී)
පොලොන්නරුව ජයන්තිපුර තඹලවැව සොරොව්වේ නඩත්තු කටයුත්තකට එහි ජලය හිස් කිරීම හේතුවෙන් එහි මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හමන බව ද ගම්වාසූහු චෝදනා කරති.
මීට පෙර අවසථාවකද මෙම සොරොව්ව ප්‍රතිසංස්කරණය කළ යුතු බව පවසා වැවේ ජලය හිස් කළ ද එවර ද සොරොව්ව ප්‍රතිසංස්කරණය නොකළ බව ගම්වාසූහ් චෝදනා කර සිටියහ.
මෙම අවස්ථාවන් දෙකකදීම මසුන් මැරීම නිසා ලොකු කුඩා හැමෝම දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
හතමුණ, 6 ඇල, 12 ඇල, නාග පොකුණ, චන්දන පොකුණ යන ප්‍රදේශ රැසකට ජලය රැගෙන යාමට ගිරිතලේ ජලාශයේ ජලය ඒක් රැස් කිරීම සදහා මෙම වැව ඉදි කර ඇත.
වැවේ ජලය හිස් කිරීම හේතුවෙන් ඉදිරියේදී ප්‍රදේශ රැසක ජනතාවට සිය වගා කටයුතු සිදු කිරීමට බාධා ඒලලවිය හැකි බවද ඔවුහු චෝදනා කරති.
තඹලවැව ජලාශයේ අක්කර අඩි 2500 වැඩි ප්‍රමාණයක් ජලය ගබඩා කළ හැකියි. ජලය හිස් කිරීමත් සමග අවට ජල මූලාශයන්ගේද ජල මට්ටම විශාල ලෙස අඩුව ඇති බව ද ඔවුන් වැඩිදුරටත් කීහ.
මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වයත් සමග ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් නෑමට මෙම වැවට පැමිණි ඇත. සතුන් විශාල පිරිසක්ද බීමට ජලය සොයා රංචු වශයෙන් පැමිණි බව ප්‍රදේශවාසීහු පැවැසූහ.
ජලය හිස් කිරීම හේතුවෙන් මිනිසුන්ට පමණක් නොව සතාසිවුපාවට පවා මෙය මහත් සේ බලපා ඇත.
පසුගිය අවස්ථාවේ ජලය හිස් කළ අවස්ථාවේ ලබා ගත් මිනුම අස්ථානගතවීමත් වී නැවතත් මෙම වැව හිස් කළා ද යන්න ප්‍රදේශවාසීනුට ඇත්තේ දැඩි සැකයක් මතුව තිබේ.
මේ චෝදනාව සම්බන්ධයෙන් මින්නේරිය ප්‍රදේශීය වාරි ඉන්ජිනේරු ඒච්.පී.එම් ජයතිලක මහතාගෙන් සිදු කළ විමසුමකදී ඔහු කියෙ.
පෙර අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම ජලය හිස් කළේ නෑ. මෙම අවස්ථාවේ ජලය හිස් කර මිනුම් කටයුතු සිදු කළා. තවද ලබන මාස් කන්නය ආරම්භ කිරීමට පෙර මෙම වැවේ වාන් දොරටුව නිසි ලෙස ප්‍රතිසංස්කරණය කිරීම මූලික අරමුණයි.




2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ පෑවිල්ලේ තඹලවැව හිස් කරලා:මාළු ලක්ෂ ගණනක් මිය ගිහින්